ටෝකියෝ කුළුණ
From Wikipedia, the free encyclopedia
ටෝකියෝ කුළුණ (東京タワー) සන්නිවේදන හා නිරීක්ෂණ කුළුණකි. එය පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝහි ශිබා උද්‍යානයේය. මෙය උසින් මීටර් 333කි(අඩි 1,093), මෙය ජපානයේ දෙවන උසම කෘතිම ආකෘතික ව්‍යූහයයි. අයිෆල් කුළුණේ ගරාදි ආකෘතියේ ආභාෂය මෙය නිර්මාණයයෙදී යොදාගෙන ඇත. එමෙන්ම ගුවන් ආරක්ෂණය සදහා අනුකූලතාව දැක්වීම සදහා පිළිගත් සුදු සහ අන්තර්ජාතික තැඹිලි වර්ණ ආලේප කර ඇත.
ටෝකියෝ කුළුණ | |
---|---|
東京タワー | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සම්පූර්ණයි |
ප්‍රභේදය | සන්නිවේදන කුළුණ නිරීක්ෂණ කුළුණ |
පිහිටීම | 4-2-8 Shiba-Koen, Minato, Tokyo 105-0011 |
ඉදිකිරීම් ආරම්භ වූයේ | ජූනි 1957 |
සමාප්තිය | 1958 |
විවෘත කිරීම | දෙසැම්බර් 23, 1958 |
පිරිවැය | යෙන් බිලියන 2.8 (ඇ.ඩො මිලියන 8.4 1958දී) |
හිමිකරු | Nihon Denpatō (Nippon Television City Corp.) |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | Tachū Naitō[1] |
ව්‍යූහාත්මක ඉංජිනේරු | Nikken Sekkei Ltd.[2] |
ප්‍රධාන කොන්ත්‍රාත්කරු | Takenaka Corporation[1] |
මෙය ඉදිකරන ලද්දේ වර්ෂ 1958හි දීය. සංචාරක ව්‍යාපාරය සහ ඇන්ටනා කුලියට දීම මෙහි මූලික ආදායම් මාර්ග වේ. ආරම්භයේ පටන් කුළුණ නැරඹීම සඳහා මිලියන 150කට වැඩි ජනතාවක් පැමිණ තිබේ. පාදනගරය නමින් හැඳින්වෙන මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මෙහි පාදම මධ්‍යයේ පිහිටා ඇත. කුඩා කෞතුකාගාරයක්, ආපනශාලා හා වෙළදසල් මෙහි පිහිටා ඇත. කුළුනේ නිරීක්ෂණ මහල් දෙකට යාමට අවශ්‍ය නම් මෙම පාද නගරය තුළින් යා යුතුය. මෙහි ප්‍රධාන නිරීක්ෂණ මහල මීටර් 150(අඩි 490) උසින් පිහිටා ඇත. විශේෂ කුඩා නිරීක්ෂණ මහල මීටර් 250 (අඩි 820) උසින් පිහිටා ඇත.
මෙම කුළුණ ඇන්ටනා වලට අධාරක ව්‍යුහයක් ලෙස ක්‍රියාකරයි. මෙහි මූලික අරමුණ වූ සම්ප්‍රේෂණ ඇන්ටනා සවිකිරීම 1961 දී සිදු කරන ලදී. වර්තමානයේ දී ජපාන ගුවන් විදුලි සංස්ථාව NHK , TBS හා Fuji TV ආයතන තම විකාශන කටයුතු සදහා මෙම කුළුණ භාවිතා කරනු ලබයි. 2011 දී ජපානය තම විකාශන කටයුතු අංකිත රූපවාහිනී විකාශනය ක්‍රමයට කිරීමට උත්සාහ කලද එය ගැටළු සහගත විය. එයට හේතුව වූයේ ටෝකියෝ කුළුණේ උස (මීටර් 333) භූගෝලීය අංකිත විකාශනය සඳහා ප්‍රමාණවත් නොවීමයි. මේ නිසා අංකිත විකාශනය සඳහා උසින් වැඩි නව කුළුණක් 2012 වර්ෂයේදී සාදා නිම කරන ලදී. එය ටෝකියෝ අහස්ගස ලෙස නම් කරන ලදී.