බර්ට් මයිකල් හොම්බි
From Wikipedia, the free encyclopedia
බර්ට් මයිකල් හොම්බි (1795 මාර්තු 23 – 1850 මාර්තු 28 [1]) නෝර්වීජියානු ගණිතඥයෙකි . ඔහුට කුඩාකල සිටම නිවසට පැමිණ ඉගැවීම කල අතර පළමු වරට පාසලකට ඇතුලත් වූයේ 1810 දී ය. රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලයෙහි ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් ගේ සහයක වශයෙන් සුළු කාලයක් ගත කිරීමෙන් පසු , ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ ගණිත ගුරුවරයෙකු වශයෙන් 1818 දී පත්වූ අතර එහිදී ඔහුට තවත් අනාගත ගණිතඥයෙක් වූ නීල්ස් හෙන්රික් ඇබෙල් හමුවිය . හොම්බිගේ ගණිත විෂය කෙරෙහි ආශාව වැඩිදියුණු වුයේ ඇබෙල් හට පාසලේදී හා නිවසේදී ඉගැන්වීමෙන් බව බොහෝදෙනාගේ මතයකි . මොවුන් අතර පවතී මිතුදම ඇබෙල් අකාලයේ මියයන තෙක්ම පැවතින. හොම්බි 1826 දී රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලය ට පැමිණි අතර ඔහු 1850 දී මියයන තෙක්ම එහි රැදීනි හොම්බි විසින් ගණිත විෂයෙහි දුර්වල සිසුන් සඳහා සැකසු කොටස් 2 කින් යුතු පෙළපොත ඔහු විසින් ගණිත විෂය කෙරිහි කල මහඟු දායකත්වයකි .එය විශාල වශයෙන් භාවිතයට ගැනුණු අතර ක්‍රිස්ටෝෆර් හාන්ස්ටීන් විසින් නිකුත් කල තවත් පෙළපොතක් නිසා නෝර්වීජියානු ඉතිහාසයේ පළමු වතාවට පෙළපොත් සඳහා විවාදයකද ඇති විය..[2]
බර්ට් මයිකල් හොම්බි | |
---|---|
උපත | 23 මාර්තු 1795(1795-03-23) වාග් , නොර්වේ |
මියගිය දිනය | 28 March 1850(1850-03-28) (වයස 55) ක්රිස්ටියනියා , නෝර්වේ |
ජාතිකත්වය | නෝර්වීජියානු |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලය (කොටසක් තනිවම උගෙන ඇත.) |
ප්‍රසිද්ධව ඇත්තේ | නීලස් හෙන්රික් ඇබෙල් ගේ ගුරුවරයා විශේෂිත ගණිත පෙළපොත් |
Scientific career | |
ක්ෂේත්රය | ගණිතය |
ආයතන | ක්‍රිස්ටියනා කැතීඩ්‍රල් පාසලේ (1818-1826) රාජකීය ෆ්රෙඩ්රික් විශ්ව විද්‍යාලය (1826-1850) |