මාජරි බෝල්ටන්
From Wikipedia, the free encyclopedia
මාජරී බෝල්ටන් (උපත: 1924 වසරේ මැයි 7වන දින) ඉංග්‍රිසි සහ එස්පෙරාන්තො යන භාෂා ද්වයෙන්[1] ලේඛණකරණයේ යෙදෙන ඉංග්‍රිසි ජාතික ගත්කතුවරියකි. තියුණු ලෙසෙ හැඟීම් ජනනය කරන, මානව හිතවාදී දෘෂ්ටියකින් හෙබි පරිණත ලේඛිකාවක් ලෙස ඇය ප්‍රකට වන්නී ය. කාව්‍ය නිර්මාණ, නාට්‍ය නිර්මාණ, කෙටිකතා, කතන්දර සහ රචනා යන අංශයන් ගෙන් ඇය නිර්මාණකරණයේ යෙදෙන්නී ය. එමෙන් ම ඇය පරිවර්තිකාවකි. 1949 වසරේ දී ඇය එස්පෙරාන්තො උගත්තා ය[1]. 1967 වසරේ එස්පෙරාන්තො ඇකඩමියේ සාමාජිකාවක් වශයෙන් තේරී පත් වූවා ය[2]. අන්තර්ජාතික එස්පෙරාන්තො සංගමයේ ගරු සාමාජිකත්වය ඇයට හිමි ය. කාත්-අමිකාරෝ (සුරතල් බළලුන් ඇති කරන එස්පෙරාන්තො භාෂකයන් ගේ සංගමයකි)[3] සහ ODES (Oxford and District Esperanto Society - බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර්ඩ් හි ප්‍රාදේශීය එස්පෙරාන්තො සමාජය)[4] හි සභාපතිවරිය වශයෙන් කටයුතු කරයි. 1998 දී එස්පෙරාන්තො සංස්කෘතික සම්මානයක් වන ෆේම් සම්මානයෙන් (Esperanto-Kulturpreis der Stadt Aalen und der Fame-Stiftung für internationale Verständigung) පුදනු ලැබිණි.