වර්ණ සංතුලනය
From Wikipedia, the free encyclopedia
ඡායාරූපකරණයේ දී සහ ඡායාරූප සැකසුමේ දී ඡායාරූපයක අඩංගු වන රතු, කොළ සහ නිල් යන ප්රාථමික වර්ණයන්ගේ සාපේක්ෂ ප්රමාණයන්, ස්වභාවික වර්ණ නිවැරදිව ප්රති නිර්මාණය වන ආකාරයට සකස් කිරීම වර්ණ සමබරතාව නම් වේ. වර්ණ සමබරතාව වෙනස් කළ විට ඡායාරූපයක සම්පූර්ණ වර්ණ මිශ්රණය වෙනස් වන අතර සාධාරණීකෘත වර්ණ නිවැරදි කිරීම් සඳහා මෙය භාවිතා වේ.
බොහෝ විද්යුත් කැමරා භාවිතයේ දී ඡායාරූපකරණය සිදු කෙරෙන ආලෝක ස්වභාවය තෝරා ගැනීමේ හැකියාවක් ඇත. සමහරක් කැමරාවල අඩංගු වන තවත් අමතර හැකියාවක් වනුයේ අළු පැහැ කාඩ් පතක් වැනි උදාසීන වස්තුවක් වෙත කැමරාව යොමු කර බොත්තමක් එබීම මඟින් අභිමත වර්ණ සමබරතා සැකසුමක් ලබා ගැනීමේ හැකියාවයි. තවද පොදුවේ කැමරාවල හමුවන අමතර හැකියාවක් වනුයේ ස්වයංක්රීය සුදු වර්ණ සමබරතා සැකසුමයි. එය Retinex, කෘතීම ස්නායු පද්ධතියක් හෝ බේසියන් ක්රමවේදය මත පදනම්වී තිබිය හැකිය.