සිකුරු ග්‍රහලොව
සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට දෙවන ග්‍රහයා / From Wikipedia, the free encyclopedia
සිකුරු ග්‍රහලොව (සංකේතය: ) සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විට අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන අතර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අප්‍රධාන ග්‍රහයෙක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැඩි ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.8 ක උපරිමයක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය පහන් තරුව, උදා තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.
නිලනාමයන් | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | i/ˈviːnəs/ | ||||||||||||
නම් කෙරුණේ | Roman goddess of love (see goddess Venus) | ||||||||||||
විශේෂණය | Venusian /vᵻˈnjuːziən,_ʔʒən/,[1] rarely Cytherean /sɪθəˈriːən/[2] or Venerean / Venerian /vᵻˈnɪəriən/[3] | ||||||||||||
කක්ෂීය ලක්ෂණ[4][5] | |||||||||||||
කාලාරම්භය J2000 | |||||||||||||
විහේලිකය |
| ||||||||||||
අපහේලිකය |
| ||||||||||||
අඩ-මහා අක්ෂය |
| ||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.006772[6] | ||||||||||||
කක්ෂීය කාලාවර්තය |
| ||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 583.92 days[4] | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 35.02 km/s | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 50.115° | ||||||||||||
ආනතිය | |||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 76.680°[6] | ||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 54.884° | ||||||||||||
චන්ද්‍රිකා | None | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
මධ්‍යන්‍යය අරය |
| ||||||||||||
Flattening | 0[8] | ||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය |
| ||||||||||||
පරිමාව |
| ||||||||||||
ස්කන්ධය |
| ||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 5.243 g/cm3 | ||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය |
| ||||||||||||
මිදුම් ප්‍රවේගය | 10.36 km/s (6.44 mi/s)[10] | ||||||||||||
භ්‍රමණ කාලාවර්තය | −116.75 d (retrograde)[11]
1 Venus solar day | ||||||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | −243.0226 d (retrograde)[12] | ||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 6.52 km/h (1.81 m/s) | ||||||||||||
ආක්ෂක ආනතිය | 2.64° (for retrograde rotation) 177.36° (to orbit)[4][note 1] | ||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය |
| ||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 67.16° | ||||||||||||
ප්‍රභානුපාතය | |||||||||||||
උෂ්ණත්වය | 232 K (−41 °C) (blackbody temperature)[16] | ||||||||||||
| |||||||||||||
දෘශ්‍ය විශාලත්වය | −4.92 to −2.98[17] | ||||||||||||
කෝණික විෂ්කම්භය | 9.7″–66.0″[4] | ||||||||||||
වායුගෝලය [4] | |||||||||||||
පෘෂ්ඨීය පීඩනය | 93 bar (9.3 MPa) 92 atm | ||||||||||||
සංයුතිය |
| ||||||||||||
|
භෞමික ග්‍රහයන් ගණයට අයත් සිකුරු ග්‍රහයා පෘථිවියේ සහෝදරියක ලෙස සලකන්නේ ඒවායේ විශාලත්වය, ගුරුත්වාකර්ෂණය හා සංයුතිය සමාන වන බැවිනි. සිකුරු ග්‍රහයා ඉතා පරාවර්තනශිලී සල්ෆියුරික් වලාකුළු වලින් සැදුම් ලත් පාරදෘෂ්‍ය ස්ථරයකින් වට වී ඇති අතර එනිසා ආලෝකය ඇති විටදීත් අභ්‍යාවකාශයේ සිට බලන කල එහි පෘෂ්ඨය පෙනෙන්නේ නැත. විසිවන සියවසේ ග්‍රහ විද්‍යාව මඟින් ඇතැම් රහස් හෙළි කරගන්නා තෙක් මෙය ඉතා කුතුහලය දනවන කාරණාවක් විය. භෞමික ග්‍රහයින් අතුරින් ඝනත්වයෙන් වැඩිම වායුගෝලය ඇත්තේ සිකුරු ග්‍රහයා සතුවය. එහි වැඩිපුරම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. ඊට හේතුව පාෂාණ සහ පෘෂ්ඨයේ ඇති වස්තු වෙත නැවත කාබන් ලබා දීමට හෝ ජෛව ස්කන්ධයට කාබන් උරා ගැනීමට කාබනික ජීවින් එහි නොසිටීමය. සිකුරු ග්‍රහයාගේ උෂ්ණත්වය කෙතරම් ද කිවහොත් පෘථිවියේ මෙන් සාගර තරුණ සිකුරු ග්රහයාගේත් තිබෙන්නට ඇති අතර ඒවා සම්පූර්ණයෙන් ම වාෂ්ප වී වියලි දුවිලි සහ තහඩු වැනි පාෂාණ ස්ථර සහිත කාන්තාරයක් බවට පත් වී ඇත. මේ සඳහා ඉදිරිපත් වී ඇති හොඳම පැහැදිලි කිරීම වන්නේ සිකුරු ග්‍රහයා සතුව චුම්බක ක්ෂේත්රයක් නොතිබිම හේතුවෙන් සාගර වලින් වාෂ්ප වූ ජලය වියෝජනය වන්නට ඇති බවත් එමඟින් නිදහස් වූ හයිඩ්රජන් වායුව අන්තර් ග්‍රහ අවකාශයට ඇදී යන්නට ඇති බවත් ය. සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් 92 ගුණයකි.