අප්‍රිකානු ලැහැබ් ඇතා
From Wikipedia, the free encyclopedia
අප්‍රිකානු සවානා ඇතා ලෙසින්ද හැඳින්වෙන, අප්‍රිකානු ලැහැබ් ඇතා (ලොක්සඩොන්ටා ඇෆ්රිකානා) යනු, ශේෂව ඇති අප්‍රිකානු ඇතුන් විශේෂ දෙකෙන් එකක් වන අතර ශේෂව ඇති ඇතුන් විශේෂ තුනෙන් එකකි. ඌ දැනට ජීවත් වන විශාලතම භෞමික සත්ත්වයා වන අතර, පිරිමි සතුන්ගේ උරහිස් උස 3.96 m (13 ft 0 in) පමණ වන අතර කාය ස්කන්ධය 10.4 t (11.5 short tons) පමණ වෙයි.[3]
Quick Facts සංරක්ෂණ තත්ත්වය, විද්‍යාත්මක වර්ගීකරණය ...
අප්‍රිකානු ලැහැබ් ඇතා කාලීන ව්‍යාප්තිය: මධ්‍ය ප්ලයිස්ටොසීන –වර්තමානය | |
---|---|
මිකූමි ජාතික වනෝද්‍යානය, ටැන්සානියාව තුල ගැහැණු සතෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Proboscidea |
කුලය: | Elephantidae |
Genus: | African elephant ( බ්ලුමෙන්බාහ්, 1797) |
විශේෂය: | ල ඇෆ්රිකානා[2] |
ද්වීපද නාමය | |
ල ඇෆ්රිකානා[2] ( බ්ලුමෙන්බාහ්, 1797) | |
උපවිශේෂය | |
පෙළ බලන්න | |
අප්රිකනෙු ලැහැබ් ඇතාගේ ව්‍යාප්ත පරාසය නේවාසික සමහරවිට නේවාසික සමහරවිට නෂ්ට නේවාසික සහ යළිපදිංචිකල | |
පර්යාය නාම(ය) | |
එලිෆාස් ඇෆිරිකානුස් |
Close
අප්‍රිකානු රටවල් සහ වාසස්ථාන 37ක, කැලෑ, තණබිම් හා වනලැහැබ්, තෙත් බිම් හා කෘෂිකාර්මික බිම් යන තැන්හී මෙම සත්ත්වයා ව්‍යාප්තව ඇත. 2021 වසරෙහි පටන්, ඌ IUCN රතු ලැයිස්තුවෙහි අන්තරායට ලක් වූ ලෙසින් ලැයිස්තුගත කර ඇත. ඌ බෙහෙවින් අන්තරයාට ලක්වී ඇත්තේ වාසභූමි විනාශය විසින් වන අතර, උන්ගේ පරාසයෙහි සමහර කොටස් වල මස් සහ ඇත්දළ සඳහා අනවසර දඩයම විසින්ද වෙයි.[1]