අල්ලු අර්ජුන්
From Wikipedia, the free encyclopedia
අල්ලු අර්ජුන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාවේ කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි.[2] විජේතා චිත්‍රපටයේ ළමා රංගන ශිල්පියා ලෙස සහ ඩැඩී චිත්‍රපටයේ නර්තන ශිල්පියා ලෙස රංගනයේ යෙදීමෙන් පසුව, අර්ජුන් සිය වැඩිහිටි ආගමනය සනිටුහන් කළේ ගංගෝට්රි චිත්‍රපටයෙනි.[3][4]
අල්ලු අර්ජුන් | |
---|---|
උපත | 8 අප්‍රේල් 1983 (1983-04-08) (වයස 41)[1] |
නිවහන | හයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු, නිෂ්පාදකයකු, නර්තන ශිල්පියකු, පිළිවැයුම් ගායිකාවක |
සක්‍රීය වසර | 2001–වර්තමානය |
කලත්‍රයා(යන්) | අල්ලු ස්නේහා රෙඩ්ඩි |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | අල්ලු අරවින්ද් අල්ලු නිර්මලා |
ඥාතීන් | අල්ලු සිරිෂ් (සොහොයුරා) අල්ලු රාම ලිංගයියා (පීතෘ පාර්ශ්වීය මුත්තණුවන්) චිරන්ජීවි (මාතෘ පාර්ශ්වීය මාමා) |
අනතුරුව අර්ජුන් සුකුමාර්ගේ ප්‍රහසන චිත්‍රපටයක් වූ ආර්යා චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ ය.[5][6] ආර්යාහි ඔහුගේ රංගනය ඔහුගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු සිය ප්‍රථම ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය සඳහා නිර්දේශ විය. එසේම ඒ වෙනුවෙන් නන්දි සම්මාන උළෙලේ දී විශේෂ ජූරියේ සම්මානයත්, සිනේමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම නළුවා (ජූරියේ) යන සම්මාන ද්විත්වයත් හිමි කරගත්තේ ය.[7] මෙම චිත්‍රපටය විචාරක අතින් මෙන්ම ආර්ථික අතින් ද සාර්ථක වූවකි.[8]
ඔහු අනතුරුව වී. වී. විනායක්ගේ බනී චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ යත මෙහි දී ඔහු නිරූපණය කළේ බනී නැමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතයයි. idlebrain.com විසින් මෙහි ඔහුගේ රංගනය සහ නර්තනය අගය කරන ලදී.[9] ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ඒ. කරුණාකරන්ගේ සංගීතමය ප්‍රේම කථාවක් වූ හැපී චිත්‍රපටයයි.[10] අනතුරුව ඔහු පූරි ජගන්නාධ්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ දේසමුඩුරුහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. මෙය අඳුරු අතීතයක් සහිත කාන්තාවක සමග කටයුතු කරන බාල ගෝවින්දම් නැමැති නිර්භීත ජනමාධ්‍යවේදියකුගේ චරිතයකි.[11] වර්තමානය වන විට තෙලිඟු සිනමාවේ ප්රමුඛ නළුවකු වීමට ඔහු සමත්ව ඇත.