ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් සමරු ත්‍යාගලාභී ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාගය, Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel (ස්වීඩන භාෂාවෙන්: Sveriges riksbanks pris i ekonomisk vetenskap till Alfred Nobels minne), හඳුන්වන අතර, එය වාර්ෂිකව පිරිනමනුයේ [Royal Swedish Academy of Sciences] විසින් ආර්ථික විද්‍යා ක්ෂේස්ත්රයේ පරීක්ෂකයන්ට ලබා දේ.[1] ඇල්ෆර්ඩ් නොබෙල් [Nobel] විසින් 1895දී නම් කරන ලද මුල් නොබෙල් ත්‍යාගයන්ට අන්තර්ගත නොවුව ද ඒවා සමඟම ස්ථිරවම හඳුනා ගැනේ.[2][3] 1968 දී මෙම ප්‍රධානය පිහිටුවීම හා අරමුදල් ලබා දීම ස්වෙරිජස් රික්ස්බෑන්ක් ([Sveriges Riksbank]) නම් වන ස්වීඩනයේ ප්‍රධාන බැංකුව විසින් ඔවුන්ගේ 300 වෙනි සංවත්සරය වෙනුවෙන් ඇරඹුණු අතර ඉන් පසු වාර්ෂිකව එය ප්‍රධානය සිදු විය.[4] ප්‍රථම ත්‍යාග ප්‍රධානය 1969දී ර්ග්නර් ෆිරිස්ච් ([Ragnar Frisch]) සහ ජැන් ටිම්බර්ගන්ට ([Jan Tinbergen])[5] ලබා දී ඇත. සෑම ප්රධානලාභියාටම පදක්කමක්, ඩිප්ලෝමාවක් හා වසරක් පාසා වෙනස් වන මුදල් ප්‍රධානයක් ලැබුණි.[4] 1969දී ෆිරිස්ච් සහ ටිම්බර්ගන් දෙදෙනාටම[6] ස්වීඩන මුදල් [SEK] 375,000, 2007 දෙසැම්බර් වන විට SEK 2,871,041 පමණ වන මුදලක් ලබා දී ඇත. 2011 දී මෙම ප්‍රධානය, තෝමස් ජේ. සාර්ජන්ට් ([Thomas J. Sargent]) සහ ක්රිස්තෝපර් ඒ සිම්ස්ට ([Christopher A. Sims]) දෙන ලදී. මෙය ස්ටොක් හෝම්හීදී ([Stockholm]), දෙසැම්බර් 10 වන දින නොබෙල්ගේ වාර්ෂික මරණ සංවත්සරයේදී ලබා දී ඇත.[7]
2012දී, 44 වන ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාගය පුද්ගලයින් 71ට පිරිනමන ලදී.[8] අනෙක් වර්ගයන්ට වඩා, සාර්ව ආර්ථික විද්‍යා ක්ෂේත්රයේ දායකත්වයට ඉන් 7ක් ලබා දී ඇත.[9] ත්‍යාග 26ක් ලද චිකාගෝ විශ්ව විද්‍යාලය ([University of Chicago]) ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගලාභීන් අතර ඉදිතියෙන්ම සිටී.[10]