ඇඳුම්
From Wikipedia, the free encyclopedia
ඇඳුම් යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන රෙදිපිළි, සත්ව හම්, ශාක පත්‍ර වැනි අමුද්‍රව්‍ය මඟින් සාදාගන්නාදේ වේ. පුරාණයේ විසූ ආදීවාසීන් තම විලි වසා ගැනීමට මෙන්ම දඩයමේ යාමට සත්ව හම්, ශාක පත්‍ර සහිත අතු මඟින් සාදාගත් පිළි භාවිතයට ගැනීය. පෙර කල්හි පිරිමි සහ ගැහැනු උඩුකය පමණක් ආවරණය කරගනු ලැබීය. ඔවුන් බොහෝ විට වනගතව සිටි බැවින් ශාක පත්‍ර යොදා සාදාගත් ඉන දවටනයක් වැනි යමක් නිර්මාණය කරගනු ලැබීය. මේවා බොහෝවිට පිරිමි පාර්ශ්වය භාවිතා කළේය. එයට හේතුව සතුන් දඩයම් කිරීම සඳහා පරිසරය සමඟ අනුවර්තනය වීමට විය හැක. මෙසේ දඩයම් කළ සතුන්ගේ හම් නොබෝ කලකදී ඔවුන්ගේ ශරීරය වසා ගැනීය.
මිනිසා විවිධ අවශ්‍යතා උදෙසා ඇඳුම් භාවිත කරයි.මුල්ම යුගයේ මානවයා දේශගුණිකා කාලගුණික උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇඳුම් භාවිත කළහ.පසුව සතුන්ගෙන් සිදුවන උපද්‍රව අවමකරගැනීමට වේෂාන්තරණයක් ලෙස භාවිත විය.මෙසේ ගොඩනැගුනු ඇඳුම් භාවිතය මිනිසා ශිෂ්ටාචාරගතවීමත් සමග ඉත දියුණු තත්වයකට පත්විය.වර්තමානයේදී විවිධ අවශ්‍යතා හා උවමනා සපුරාගැනීමට ඇඳුම් භාවිත කරති.විළිවසා ගැනීමට තත්ව සංකේතයක් ලෙස ආරක්ෂාව ලබාගැනීමට අලංකාරය සදහා ආදී වශයෙන් ඇඳුම් භාවිතයේ උපයොගීතාවයන් ඉතා විශාල පරාසයක් දක්වා විහිදී යයි.