උණුසුම් වායු බැලුනය
From Wikipedia, the free encyclopedia
උණුසුම් වායු බැලුනය යනු පැරණිතම සාර්ථක මානව-වාහක පියාසැරි තාක්ෂණයයි. එය, බැලුම් අහස් යානා ලෙසින් හැඳින්වෙන ගුවන් යානා වර්ගයෙහි සංරචකයකි. 1783 නොවැම්බර් 21 දිනදී, ප්රංශයේ, පැරිස් නුවරදී, පළමු රැහැන්-විරහිත[1] මානව පියාසැරිය, ජොන්-ප්රොංෂුවා පිලාට්රෙ ඩි රෝසියෙ සහ ප්රොංෂුවා ලොරන්ට් ඩාලන්ඩෙස් විසින් සිදු කෙරුණේ, 1782 දෙසැම්බර් 14 දිනදී මොන්ගොල්ෆී සොහොයුරන් විසින් නිර්මාණය කෙරුණු උණුසුම් වායු බැලුනයක් මාර්ගයෙනි.