ගයා සංයුක්තය
කොරියාවේ පැරණි රාජ්‍ය සන්ධානය / From Wikipedia, the free encyclopedia
ගයා (කොරියානු: 가야; හන්ජා: 加倻; ප්‍රරෝ: Gaya, කොරියානු උච්චාරණය: [ka.ja]) යුනවෙන් හැඳින්වුණේ දකුණුදිග කොරියාවේ නක්දොං ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පැවති රාජ්‍ය සංස්ථා සමූහයකින් සැදුම්ලත් කොරියානු සංයුක්ත රාජ්‍යයකි.[1] මෙය සම්හන් යුගයේ බ්යොන්හන් සංයුක්තයෙන් වෙන්ව වර්ධනය විය.
ගයා සංයුක්තය 가야 (加倻) | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
42–562 | |||||||||||
සිල්ලා සහ බෙක්ජේ රාජ්‍යවලට සාපේක්ෂව තෝරාගත් ගයා රාජ්‍ය සංස්ථාවන්හි ආසන්න පිහිටීම දැක්වෙන සිතියම | |||||||||||
පොදු භාෂාවන් | පැරණි කොරියානු | ||||||||||
ආගම | බුදු දහම, කොරියානු ශාමන්වාදය | ||||||||||
රජය | රාජාණ්ඩුව, සන්ධානය | ||||||||||
සුරෝ | |||||||||||
• ?–562 | දෝසෝල්ජි | ||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||
• ස්ථාපනය | 42 | ||||||||||
• සිල්ලාවට යටත් වීම | 562 | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව |
ගයා සංයුක්තය | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 가야 |
හන්ජා | 加耶 හෝ 伽倻 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගයා |
මැකූන්–රයිෂවර් | කයා |
ගයා කාලානුක්‍රමය සඳහා ඉතිහාසඥයින් විසින් භාවිත කරනු ලබන සම්ප්‍රදායික කාලසීමාව ක්‍රි.ව. 42–532 වේ. තෙවන සහ සිව්වන සියවස්වලට අයත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, බ්යොන්හන්හි ඇතැම් නගර-රාජ්‍ය ගයා සංයුක්තයට ඇතුළත් වී ඇත. මේවා පසුව කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා රාජධානිය විසින් ඈඳාගන්නා ලදී. ගයා සංයුක්ත රාජ්‍යය තැනීමට දායක වූ තනි රාජ්‍ය සංස්ථා කුඩා පුර-රාජ්‍යයන් ලෙස සැලකේ.[2] ගයා සංස්කෘතිය පිළිබඳ භෞතික සංස්කෘතික සාධක ප්‍රධාන වශයෙන්ම භූමදානයන්වලින් හමුවේ. පුරාවිද්‍යාඥයින් විසින් මේ හා සම්න්ධ අවමංගල භාණ්ඩ කැනීම් කටයුතුවල දී සොයාගෙන ඇත. පුරාවිද්‍යාඥයන් විසින් අර්ථකථනය කරන්නේ පසුකාලීන තෙවන සහ මුල්කාලීන සිව්වන සියවස්වලට අයත් ගිම්හේහි දේසොං-දොං සහ බුසන්හි බොක්චොන්-දොං වැනි ගොඩැලි සොහොන් ගයා රාජ්‍ය සංස්ථාවල රාජකීය භූමදාන ස්ථාන බවයි.[3]