ජපමාලය
From Wikipedia, the free encyclopedia
ශුද්ධවූ ජපමාලය [1], (/ˈrəʊzəri/; ලතින්: rosarium, "රෝස මල් ඔටුන්න" හෝ "රෝස මල් මාලය" යන අර්ථයෙන්)[2], ඩොමිනිකානු ජපමාලය [3][4] හෝ සරලව කොන්තය ලෙසද හැඳින්වේ. ජපමාලය යන්නෙන් අදහස් කරන්නේ කතෝලික සභාවේ භාවිතා කරන යාච්ඥා මාලාවක් සහ සංඝටක යාච්ඤා ගණන් කිරීමට භාවිතා කරන ගැට හෝ පබළු වැලයි.
ජපමාලය උච්චාරණයකරන යාඥාවන් "කොන්ත පංති" යනුවෙන් හඳුන්වනු ලබන නමෝ මරිය දහයකින් යුත් කට්ටල පහකට සකස් කර ඇත. සෑම පංතියකටම පෙර එක් පරමණ්ඩල යාච්ඤාවක් ("ස්වාමිවාක් ආරාධනාව") සහ සම්ප්‍රදායිකව මහිමය වේවා යාච්ඤාව අනුගමනය කරයි. සමහර කතෝලිකයන් ද මහිමයෙන් පසු "අහෝ මාගේ ජේසුනී" යාච්ඤාව කියවයි; එය 20 වැනි සියවසේ මුල් භාගයේ ඇති වූ පාතිමා යාච්ඤා හතෙන් වඩාත් ප්‍රසිද්ධය. ජපමාලය යාච්ඤා පබළු මෙම යාඥාවන් නිසි අනුපිළිවෙලින් පැවසීම සඳහා උපකාරයකි.
සාමාන්‍යයෙන්, එක් වරකදී පංති පහක් කියවනු ලැබේ. සෑම පංතියක්ම ජපමාලයේ අභිරහස් ගැන මෙනෙහි කිරීමට අවස්ථාවක් සපයයි, එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ඔහුගේ මවගේ ජීවිතවල සිදුවීම් සිහිපත් කරයි.
16 වන ශතවර්ෂයේදී පස්වන පියුස් පාප්තුමා දිගුකාලීන චාරිත්‍ර මත පදනම්ව, ජපමාලයේ අභිරහස් 15ක් සම්මත කරන ලදී. මෙය අභිරහස් කට්ටල තුනකට කාණ්ඩගත කරයි: සොම්නස් අභිරහස්, දොම්නස් අභිරහස් සහ මෝක්ෂ අභිරහස්. 2002 දී, දෙවන ජුවාම් පාවුළු පාප්තුමා නව පංති පහක කට්ටලයක් එකතු කිරීම සුදුසු බව ප්‍රකාශ කළේය, එය ආලෝක අභිරහස් ලෙස හැඳින්වේ, මෙය නිසා මුළු අභිරහස් සංඛ්‍යාව 20ක් වුනි. අභිරහස් යාච්ඤා කරනු ලබන්නේ සතියේ නිශ්චිත දිනවලදී ය; බ්‍රහස්පතින්දා ආලෝක අභිරහස, ඉරිදා සහ බදාදා මෝක්ෂ අභිරහස, සඳුදා සහ සෙනසුරාදා සොම්නස් අභිරහස සහ අඟහරුවාදා සහ සිකුරාදා දොම්නස් අභිරහස.
ශතවර්ෂ හතරකට වැඩි කාලයක් පුරා, පාප්වරුන් කිහිප දෙනෙකුම කතෝලික පල්ලියේ[5] මරියාට නමස්කාර කිරීමේ කොටසක් ලෙස ජපමාලය ප්‍රවර්ධනය කර ඇති අතර, මූලික වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මෙනෙහි කිරීමකින් සමන්විත වේ[6]. ජපමාලය නියෝජනය කරන්නේ "ක්‍රිස්තුස්වහන්සේගේ අවධානය යොමු කළ මරියාගේ ජීවිතයට සහභාගී වීම" සහ "මරියා තුළින් ක්‍රිස්තුස් වහන්සේ වෙත" යන මාරිය විද්‍යාත්මක තේමාව පිළිබඳ කතෝලික අවධාරනයයි[7].