ටෝකියෝ ස්කයිට්‍රී
From Wikipedia, the free encyclopedia
ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ සුමීඩා නගරයේ පිහිටා ඇති අතර එය අවන්හලක්, නිරීක්ෂණ කුළුණක් හා රූපවාහිනී / ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයක් ලෙස භාවිතා කරනු ලබයි. 2010 දී එය එවකට ජපානයේ උසම ආකෘතිය වූ අතර 2011 මාර්තු මාසය වන විට ස්කයිට්‍රී කුළුණ එවකට ලෝකයේ උසම කුළුණ බවට පත්ව තිබූ කැන්ටන් කුළුණ අභිභවා යමින් සිය උපරිම උස වන මීටර් 634ට ළගාවිය. පසුකාලීනව මීටර් 829.8ක උසකින් සමන්විත බර්ජ් ඛලීෆා (Burj Khalifa) කුළුණ ඉදීකිරීමත් සමග ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ලොව උසම කුළුණු අතරින් දෙවන ස්ථානයට පත්විය.
Tokyo Skytree | |
---|---|
ටෝකියෝ ස්කයිට්‍රී | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සම්පුර්ණ කරන ලද |
ප්‍රභේදය | අවන්හලක්, නිරීක්ෂණ කුළුණක් හා සම්ප්‍රේෂණාගාරයක් |
ගෘහනිර්මාණ ශෛලිය | Neofuturistic |
පිහිටීම | සුමීඩා, ටෝකියෝ, ජපානය |
ඛණ්ඩාංක | 35°42′36.5″N 139°48′39″E |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 14 ජූලි 2008 (2008-07-14) |
සමාප්තිය | 29 පෙබරවාරි 2012 (2012-02-29) |
පිරිවැය | ඇ.ඩොලර් මිලියන 600 |
හිමිකරු | Tobu Tower Skytree Co., Ltd. |
උස | |
ඇන්ටෙනා කුළුණු | 634.0 m (2,080 ft) |
පියස්ස | 495.0 m (1,624 ft) |
ඉහළ මහල | 451.2 m (1,480 ft) |
තාක්ෂණික තොරතුරු | |
මහල් සංඛ්‍යාව | පොළව මට්ටමෙන් ඉහළට මහල් 32 පොළව මට්ටමෙන් පහළට මහල් 3 |
සෝපාන/උත්තෝලක | 13 |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | Nikken Sekkei |
ප්‍රධාන කොන්ත්‍රාත්කරු | Obayashi Corp. |
ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ කන්තෝ ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු සදහා කේන්ද්‍රීය ස්ථානය ලෙස යොදාගන්නා අතර පැරණි ටෝකියෝ කුළුණ උස ගොඩනැගිලි වලින් ආවරණය වී ඇති බැවින් තවදුරටත් සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගනු නොලැබේ.
අධික වර්ෂයක් වූ 2012 පෙබරවාරි 29 දින මෙම ටෝකියෝ ස්කයිට්‍රී කුලුණෙහි වැඩ නිමකල අතර එය මහජන ප්‍රදර්ශනය සදහා 2012 මැයි 22 දින විවෘත කරන ලදී. විශාල වාණිජ ව්‍යාපෘතියක ප්‍රධාන අංගය වූ මෙම කුළුණ නිර්මාණය සදහා Tobu දුම්රිය සමගම හා NHK (ජපන් විකාශනාගාර සංස්ථාව) මූලික කරගනිමින් තවත් විකාශන ආයතන 6ක් අරමුදල් සම්පාදනයෙන් දායක වී ඇත. යාබදව පිහිටා ඇති Tokyo Skytree දුම්රිය ස්ථානයේ හා Oshiage දුම්රිය ස්ථානයේ දුම්රිය නතරකරනු ලබන අතර මෙම සංකීර්ණය ටෝකියෝ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 7ක් ඊසාන දෙසින් පිහිටා ඇත.