ද්වාරය:පරිසරය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2021 අප්‍රේල්)
|
හැඳින්වීම
පරිසරය බොහෝ විට යොමු වන්නේ:
- ස්වභාවික පරිසරය, සියලුම ජීවී සහ අජීවී දේ ස්වභාවිකව සිදු වන පරිසරය.
- ජෛව භෞතික පරිසරය, භෞතික හා ජීව විද්‍යාත්මක සාධක සහ ඒවායේ රසායනික අන්තර්ක්‍රියා ජීවියෙකුට හෝ ජීවීන් සමූහයකට බලපාන පරිසර.
තෝරාගත් ලිපි
- Image 1
හරිතාගාර වායු යනු වායුගෝලයේ ඇති වායූන් වන අතර ඒවා මගින් අභ්‍යාවකාශයට තාපය ගලායාම අඩු කරති. එමගින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට දායක වන අතර එය හරිතාගාර ආචරණය නම් වේ. හරිතාගාර වායු පෘථිවියේ උෂ්ණත්වය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වේ. එම වායූන්ගේ බලපෑම නැති වුවහොත් පෘථිවිය නියමිත කාල සීමාවට පෙර ඉතා ශීත වීමට හැක. එසේම හරිතාගාර වායූන්ගේ වැඩිවීමද පෘථිවියේ මාරක තත්ත්වයට උෂ්ණත්වය ඉහළ නැංවීමට හැකි වන අතර, වායුගෝලීය කාබන්ඩයෙක්සයිඩ් ප්‍රතිශතය 9651% වන සිකුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 4670C (8720f) වේ.
විවිධ ස්වභාවික හා කාර්මික ක්‍රියාවලීන් මගින් හරිතාගාර වායු නිපදවෙයි මෑත කාලීන වායුගෝලීය CO2 මට්ටම 380 ppmv වේ. (තව දුරටත්...) - Image 2
අසාමාන්‍ය ලෙසින් ආම්ලික, එනම් ඉහළ නැංවුනු හයිඩ්රජන් අයන මට්ටමක් (අඩු pH අගයක්) සහිත, ඕනෑම ආකාරයක වැස්සක් හෝ වර්ෂණයක් අම්ල වැස්සක් වෙයි. සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා සල්ෆර් ට්‍රයොක්සයිඩ් (SO3) ආම්ලික ඔක්සයිඩයන්ය. ඒවා ජලය සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆියුරස් අම්ලය හා සල්ෆියුරික් අම්ලය සාදයි. වායුගෝලයේ SO2 හා SO3 අණු වල සාන්ද්‍රනය වැඩි වීම හේතුවෙන් අම්ල වැසි නම් අහිතකර වැසි ඇතිවේ.
වායුගෝලයට SO2 එකතු කරන ප්‍රභවයන් කීපයක් වේ. ගිනිකඳු පිපිරීම එවැනි ස්වාභාවික ප්‍රභවයකි. එසේම බොහෝ ලෝහ ස්වාභාවිකව පවතින්නේ සල්ෆර් සමඟ මිශ්‍ර වීය. මේවා පිරිපහදුවේදී උණු කිරීමට හෝ අධික ලෙස රත් කිරීමට ලක් කරන අතර; එවිට මෙම සල්ෆර්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. බොහෝ විට මෙසේ නිකුත් වන SO2 ; වාතයේ ඇති O2 සමඟ එකතු වී SO3 සාදයි. (තව දුරටත්...) - Image 3
පරිසර පද්ධතිය (හෝ පාරිසරික පද්ධතිය) සමන්විත වන්නේ ඔවුන් අන්තර් ක්‍රියා කරන සියලුම ජීවීන් සහ භෞතික පරිසරයයි. මෙම ජෛව හා අජීවී සංරචක පෝෂක චක්‍ර සහ ශක්ති ප්රවාහයන් හරහා එකට සම්බන්ධ වේ. ශක්තිය ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා පද්ධතියට ඇතුළු වන අතර ශාක පටක තුලට ඇතුල් වේ. ශාක හා එකිනෙකා මත පෝෂණය කිරීමෙන්, පද්ධතිය හරහා පදාර්ථ හා ශක්තිය චලනය කිරීමේදී සතුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා පවතින ශාක හා ක්ෂුද්‍ර ජීවී ජෛව ස්කන්ධ ප්‍රමාණයට ද බලපායි. මිය ගිය කාබනික ද්‍රව්‍ය බිඳ දැමීමෙන්, දිරාපත් කරන්නන් කාබන් නැවත වායුගෝලයට මුදාහරින අතර, මිය ගිය ජෛව ස්කන්ධවල ගබඩා කර ඇති පෝෂ්‍ය පදාර්ථ නැවත ශාක හා ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයක් බවට පරිවර්තනය කිරීමෙන් පෝෂක චක්‍රය පහසු කරයි.
පරිසර පද්ධති බාහිර හා අභ්‍යන්තර පාරිසරික සාධක මගින් පාලනය වේ. දේශගුණය, පස සහ භූ විෂමතාවය ඇති කරන මව් ද්‍රව්‍ය වැනි බාහිර සාධක පරිසර පද්ධතියක සමස්ත ව්‍යුහය පාලනය කරන නමුත් ඒවා පරිසර පද්ධතියට බලපාන්නේ නැත. අභ්‍යන්තර සාධක පාලනය කරනු ලබන්නේ වියෝජනය, මූල තරඟය, සෙවන, බාධා, අනුප්‍රාප්තිය සහ පවතින විශේෂ වර්ග මගිනි. සම්පත් යෙදවුම් සාමාන්‍යයෙන් බාහිර ක්‍රියාවලීන් මගින් පාලනය වන අතර, පරිසර පද්ධතිය තුළ මෙම සම්පත් ලබා ගැනීම අභ්‍යන්තර සාධක මගින් පාලනය වේ. එබැවින් අභ්‍යන්තර සාධක පරිසර පද්ධති ක්‍රියාවලීන් පාලනය කරනවා පමණක් නොව ඒවා මගින්ද පාලනය වේ. (තව දුරටත්...) - Image 4
කාන්තාරීකරණය (ඉංග්‍රීසි: Desertification) වර්තමාන ලෝකයේ තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් වේ.කාන්තාරීකරණය යන වචනයෙන් අදහස් වනනේ ලෝකයේ කාන්තාර නොවන වගාබිම් ඇතුළු වෙනත්බිම් කාන්තාර බවට පත්වීමේ ක්‍රියාවලියයි. ඒ අනුව ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් භූමිය, වගාකල නොහැකි තත්වයට පත්වීම කාන්තාරීකරණය ලෙස සරළව දැක්විය හැකිය. එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණන් බැලීම් වලට අනුව කාන්තාර ලෙසට ස්ථිර ලෙසම පිරිහී ඇති භූමිය වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 6 බැගින් වර්ධනය වේ.
කාන්තාරීකරණය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති මුත් ඉතාම විනාශකාරී තත්වයට පත්වී ඇත්තේ අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකානු රටවල වියළිබිම් ආශ්‍රිතවයි. කාන්තාරීකරණය කෙතරම් දරුණු තත්වයට පත්වී තිබේදයත් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3ම කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.මේ තත්වය ලෝක ජනසංඛ්‍යාවෙන් මිලියන 850ට බලපායි. කෙසේවෙතත් කාන්තාරීකරණය පැතිරුණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ "සාහෙල්" කලාපය දැක්විය හැකියි.ඒ ප්‍රධාන ලෙසම මානව කටයුතු හේතුවෙන් සිදුවන කාන්තාරීකරණයකි. (තව දුරටත්...) - Image 5
අපද්‍රව්‍ය කළමනාකරණය හෝ අපද්‍රව්‍ය බැහැර කිරීම (ඉංග්‍රීසි: waste management, waste disposal) යනු අපද්‍රව්‍ය ජනිත වීමේ සිට ඒවායේ අවසාන බැහැර කිරීම දක්වා කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාවලි සහ ක්‍රියා වේ. අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, පිරියම් කිරීම සහ බැහැර කිරීම මෙන්ම අපද්‍රව්‍ය ආශ්රිත නීති, තාක්ෂණයන්, සහ ආර්ථික යාන්ත්‍රණ අධීක්ෂණය සහ නියාමනය මෙයට ඇතුළත් වේ. (තව දුරටත්...) - Image 6
වගා බිම්, තෘණ භූමි, නාගරිකකරණය, හිස් භූමි(ක්‍රීඩාංගන) සඳහා මෙන්ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීම වන විනාශය නම් වේ. සාමාන්‍යයෙන් සැළකිය යුතු කැලෑ ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පරිසරය විනාශවීමයි. ඒ සමඟ ජෛව විවිධත්වය අඩු වීමද සිදුවේ. බොහෝ රටවල මහා පර්මාණයෙන් කැලෑ කැපීම කරගෙන යන අතර ඒ හේතුවෙන් භූ විද්‍යාත්මක පරිසරය හා දේශගුණය වෙනස් වේ.
ප්‍රමාණවත් නැවත වගා කිරීමකින් තොරව ගස් කැපීම යනුවෙන්ද කැලෑ කැපීම හදුන්වා දිය හැකිය. 19 සියවසේ මැද භාගයේ පටන් පෙරනුවු පරිදි වනානන්තර විනාශ කිරීමේ අහිතකර විපාකයන්හි ප්‍රතිඵල අත්විදිනට පෘථිවි වාසීන්ට සිදුවිය. අම්ල වැසි නිසාවෙන් යුරෝපයේ වනාන්තර රැසක් විනාශ වී ඇත. පසුගිය දශක දෙකේදී පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවත් සමස්ථ වනාන්තර වපසරියෙන් 70% ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීම් මේ වන විටද වේගයෙන් සිදුවේ. මෙම මහා පරිමාණයේ වන විනාශය එම වනාන්තරවල ජෛව විවිධත්වය කෙරෙහි මහත්සේ බලපා ඇත. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට පරිසරවේදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව