නියඟය
From Wikipedia, the free encyclopedia
ඉඩෝරය හෙවත් නියඟය යනු දීර්ඝ සාමාන්‍ය කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් යම් ප්‍රදේශයකට වායුගෝලීය, මතුපිට හෝ භූගත ජලය ලැබීමේ ඌනතාවයක් ඇති වීමයි. යම් ප්‍රදේශයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වය ඇතිවීමට බලපායි. එයට පරිසර පද්ධතිය කෙරෙහි මෙන්ම අදාළ ප්‍රදේශවල කෘෂිකර්මාන්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකිය. නියඟ තත්ත්වය දිර්ඝකාලීන පැවතියද තද බල කෙටි නියඟ තත්ත්වයකින් පවා දේශීය ආර්ථිකයට සැළකිය යුතු අලාභ හානි කළ හැකිය. එක්සත් ජාතින් දක්වන පරිදි කැලෑ කැපීම නිසා ඇතිවන දේශගුණික අස්ථිරභාවය හේතුවෙන් සෑම අවුරුද්දකම පාහේ යුක්රේනයේ සරුබිම් විශාල ප්‍රමාණයක් එරටට අහිමි වෙයි.