පාරාවෝවරුන්ගේ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපියේ අන්තර්ගත වන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝ ලැයිස්තුවයි. මෙමගින්, ක්‍රි.පූ. 3100ට පෙර කාලයේ මුල්කාලීන රාජවංශික යුගයේ සිට ක්‍රි.පූ. 30දී ඔගස්ටස් සීසර් විසින් ඊජිප්තුව රෝමයේ පළාතක් ලෙස ඈඳාගැනුණු ටොලමියානු රාජවංශයේ අවසානය දක්වා කාලපරිච්ඡේදය ආවරණය වේ.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2012 මාර්තු) |
Quick Facts ඊජිප්තුවෙහි පාරාවෝ, ශෛලිය ...
ඊජිප්තුවෙහි පාරාවෝ | |
---|---|
ශෛලිය | පංච-විධ පදවි නාමය |
පළමු රජ | නාමර් (හෙවත් මෙනස්) |
අවසන් රජ | නෙක්ටැනෙබෝ II (අවසන් ස්වදේශික)[1] ක්ලියෝපැට්රා සහ සිසේරියන් (අවසන් සැබෑ) |
ස්ථාපනය | ක්‍රි.පූ. 3100 ප. |
අහෝසි කිරීම | ක්‍රි.පූ. 343 (අවසන් ස්වදේශික පාරාවෝ)[1] ක්‍රි.පූ. 30 (අවසන් ග්‍රීක පාරාවෝවරුන්) |
වාසභවනය | යුගය අනුව වෙනස් වේ |
පත් කරන්නා | දිව්‍යමය අයිතිය |
Close
මෙහි ලබා දී ඇත්තේ දිනයන් ආසන්න වශයෙන් බව සලකන්න. පහත දැක්වෙන පාරාවෝවරුන්ගේ ලැයිස්තුව පුරාතන ඊජිප්තුවේ සම්මුතික කාලානුක්‍රමය අනුව ප්‍රධාන වශයෙන්ම ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ පෙට්‍රී කෞතුකාගාරය විසින් සම්පාදනය කළ විශ්වවිද්‍යාල සඳහා ඩිජිටල් ඊජිප්තුව නැමැති දත්ත සමුදාය මත පදනම්ව ගොඩනැගූවකි. නමුත් වෙනත් විකල්ප දිනයන් හා ඒවායේ ප්රාමාණිකයන් වෙනම දක්වා ඇත.