පෙන්ටගන් ලියකියවිලි
From Wikipedia, the free encyclopedia
නිල වශයෙන් එක්සත් ජනපදය – වියට්නාම සබඳතා, 1945–1967: ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සැකසුනු අධ්‍යයනයක් ලෙසින් හැඳින්වෙන, පෙන්ටගන් ලියකියවිලි යනු, 1945 සිට 1967 දක්වා වියට්නාමය තුල එක්සත් ජනපදයෙහි දේශපාලන-හමුදාමය පටලැවුම පිළිබඳ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු ඉතිහාසය වෙයි. ඩැනියෙල් එල්ස්බර්ග් විසින් අනාවරණය කොට ගෙන, මුදාහැරුණු මෙම ලියකියවිලි, මහජනයාගේ අවධානයට මුලින්ම පාත්‍රවූයේ 1971දී ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේය.[1] ද නිව්යෝර්ක් ටයිම්ස් 1996 ලිපියක් විසින් පැවසුනේ, අනෙකුත් කරුණු අතර, පෙන්ටගන් ලියකියවිලි විසින් ප්‍රදර්ශනය කෙරුණේ, ජොන්සන් පරිපාලනය විසින් "මහජනයාට පමණක් නොව කොංග්රස් මණ්ඩලයටද ක්රමානුකූල ලෙස බොරුකියා ඇති බවයි."[2]
විශේෂිත වශයෙන් පැවසුවොත්, මෙම ලියකියවිලි වෙතින් හෙළිදරව් වූයේ, අසබඩ කාම්බෝජය සහ ලාඕසය වෙත බෝම්බ හෙළීමෙන්ද, උතුරු වියට්නාමයේ වෙරළබඩ ආක්‍රමණයන් වෙතින්ද සහ, නාවික භට හමුදා ප්‍රහාර අනුසාරයෙන්ද, එ.ජ. විසින් රහසේ වියට්නාම් යුද්ධයේ තරාතිරම විස්තාරණය කර ඇති බවත්, මේ කිසිවක් මුඛ්‍යධාරා මාධ්‍යය තුල වාර්තා වී නොමැති බවත්ය.[3]
ඔහු විසින් පෙන්ටගන් ලියකියවිලි නිරාවරණය කිරීම වෙනුවෙන්, කුමන්ත්‍රණය, ඔත්තු බැලීම සහ රජයේ දේපළ සොරකම් කිරීම යන දේ සඳහා එල්ස්බර්ග් වෙත මුලදී චෝදනා එල්ලකෙරුණු නමුදු, එල්ස්බර්ග් අපකීර්තියට පත් කිරීමට අනීතික ප්රයත්නයන් දරන ලෙසින්, නික්සන් පරිපාලනය විසින් ඊනියා ධවල මන්දීර නළනැමියන් වෙත නියෝග දී ඇති බව, වෝටර්ගේට් අපවාදය විමර්ශනය කරන අභිචෝදකයන් විසින් නිරාවරණය කර ගැනුමෙන් පසුව එම චෝදනා අත්හරින ලදි.[4]
2011 ජූනි මාසයේදී, පෙන්ටගන් ලියකියවිලි සම්පූර්ණ ගොන්නම රහස් ලිපි නොවන ලෙසට වර්ගීකරණය කෙරෙමින් මහජනයාට නිකුත් කෙරිණි.[5]