රතු යෝධ තරු
From Wikipedia, the free encyclopedia
රතු යෝධ තරුවක් යනු සූර්ය ස්කන්ධ 0.5ත් 10ත් අතර ස්කන්ධයෙන් යුක්ත අති විශාල තරුවකි. එම තරු වලට මෙම නම ලැබී ඇත්තේද එහි රතු පැහැ වර්ණය සහ අති විශාල බව නිසාය. මෙම රතු යෝධ තරුවක් තුල අප සූර්යයා වැනි තරු දහස් ගණනක් අන්තර්ගත කළ හැක. මිරා, ඇඩෙල්බරාන්, ආක්ටෝරස්, ගැමා කෘසිස් යන තරු, රතු යෝධ තරු වලට උදාහරණ ලෙස නම් කල හැක.
මේ වන විට අප සූර්යයා ප්‍රධාන ධාරාවේ තරුවක් වන අතර රතු යෝධ තරුවක් බවට තවම පත් වී නැත. විද්‍යඥයන් විශ්වාස කරන අන්දමට තව අවුරුදු බිලියන 5කට පසු අප සූර්යයාද රතු යෝධ තරුවක් බවට පත් වේ. එවිට එය දැන් පවතින ප්‍රමාණය මෙන් 200 ගුණයක් බවට පත්වනු ඇත. බුධ, සිකුරු මෙන්ම අප වසන පෘථිවියද එය විසින් ගිල ගනු ඇත.