සංඛ්‍යාතය
From Wikipedia, the free encyclopedia
සංඛ්‍යාතය යනු පුනරාවර්ත සිදුවීමක ඒකක කාලයකදී සිදුවන සිදුවීම් ගණනයි. එය කාලික සංඛ්‍යාතය ලෙසින්ද හැඳින්වේ. මෙය වඩාත් විස්තරාත්මකව දැක්වුවහොත්, පුනරාවර්ත සිදුවීමක් යනු කාලයත් සමග නැවත නැවතත් සිදු
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
වන ක්‍රියාවලියකි. නිදසුනක් ලෙස නූලකින් එල්ලන ලද බරක් එක වරක් පැද්දූ විට එහි එහා මෙහා වීමේ චලිතය(සරල අවලම්භය) සැලකිය හැකිය. එහිදී භාරය නිරන්තරයෙන් එකම ආකාරයක චලිතයක් නැවත නැවත්ත් සිදු කරයි. ඒකක කාලය කැමති ලෙසකට පැයක්, විනාඩියක්, දවසක් වශයෙන් සැලකිය හැකි වුවත්, අන්තර්ජාතිකව සම්මත ඒකකය ලෙස තත්පරය සලකනු ලැබේ. දැන් පුනරාවර්ත සිදුවීම සහ ඒකක කාලය දන්නා බැවින්, සංඛ්‍යාතය නිදසුනකින් මෙසේ පැහැදිලි කල හැකිය. සරල අවලම්භය තත්පරයකට වට 2ක් සම්පූර්ණ කරන්නේ නම් එහි සංඛ්‍යාතය තත්පරයකට වට 2ක් යැයි කියනු ලැබේ. රෝදයක් තත්පරයකට වට 10ක් කැරකෙන්නේ නම් එහි සංඛ්‍යාතය තත්පරයකට වට 10කි.