ස්පන්දන තරු
From Wikipedia, the free encyclopedia
ස්පන්දන තරු එසේත් නැත්නම් පල්සාර (ඉංග්‍රීසි: pulsar) යනු ඒවායේ චුම්බක ධ්‍රැවවලින් විද්‍යුත් චුම්භක විකිරණ කදම්බ නිකුත් කරන, මෙන්ම ඉහළ චුම්බක ගුණ සහිත, භ්‍රමණය වන න්‍යුට්‍රෝන තරු වේ.[1] මෙම විකිරණ නිරීක්ෂණය කළ හැක්කේ විමෝචන කදම්භය පෘථිවිය දෙසට යොමු වන විට පමණි. එනම් යම් ප්‍රදීපාගාරයක් දැකිය හැක්කේ නිරීක්ෂකයෙකුගේ දිශාවට ආලෝකය යොමු වන විට පමණක් වන්නා සේය. එම සිදුවීම මෙම තරුවලට ස්පන්දන පෙනුමක් ලබා දෙයි. ඉතා දැඩි වස්තු විශේෂයක් වන න්‍යුට්‍රෝන තරු සතුව කෙටි, නිත්‍ය භ්‍රමණ කාලච්ඡෙද ඇත. ඒ හේතුකොට ගෙන මේවා මිලි තත්පර ගණනක සිට තත්පර ගණන් දක්වා පරාසයක ස්පන්දන අතර ඉතා නිරවද්‍ය පරතරයක් ඇතිව ජනිත කරයි. ස්පන්දන තරු අතිශය අධි ශක්ති කොස්මික් කිරණ ප්‍රභව සඳහා උදාහරණ විමට ඉඩ ඇති වස්තු වේ. (ත්වරණයේ කේන්ද්‍රාපසාරී යාන්ත්‍රණය ද බලන්න.)