පුස්තකාල
From Wikipedia, the free encyclopedia
විවිධ කාල පරාස තුළ බිහිවූ ලේඛන නැවත නිරීක්ෂණය සඳහා තැන්පත් කිරීම ආරම්භ වීමත් සමඟ ම ලෝකයට පුස්තකාල බිහිවිය. දැනුම ආරක්ෂා කරන සහ ගබඩා කරනු ලබන ආයතනයක් ලෙස පොදුදෙපලක් වන පුස්තකාලය වුව ද, වර්තමානයේ දී සුවිශේෂී අරමුණු රැසක් මුල් කර ගනිමින් පුස්තකාල ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ අනුව අද වන විට ලෝකය තුළ පාසල් පුස්තකාල,ජාතික පුස්තකාල,මහජන පුස්තකාල,ආදී ලෙස විවිධ පුස්තකාල වර්ග බිහිවී ඇත. පුස්තකාලය කවරාකාර වුව ද ඒවා තත්කාලීන සමාජ අවශ්‍යතා සපුරාලීමට සමත් විය යුතුම ය. එසේ නොමැති පුස්තකාලයට සමාජ පැවැත්මක් ඇත්තේ නැත. එසේ හෙයින් පුස්තකාල මඟින් සමාජයට අවශ්‍ය තොරතුරු එක් රැස් කොට සංවිධානය කිරීම සහ අවශ්‍ය අවස්ථාවේ දී එම තොරතුරු ඵලදායක අයුරින් ලබා දීම සිදුකළ යුතු වේ.