ඉන්දු-යුරෝපීය භාෂා පවුල
From Wikipedia, the free encyclopedia
ඉන්දු යුරෝපා භාෂා යනු භාෂා හා උපභාෂා සිය ගණනකින් සමන්විත වූ භාෂා කුලයකි.
ඉන්දු යුරෝපීය භාෂා කුලය | |
---|---|
භූගෝලීය පැතිරීම: | 16වන සියවසට පෙර: යුරෝපය, බටහිර, මධ්‍යම හා දකුණු ආසියාව; වර්තමානය: ලොවපුරා බිලියන 3.2කගේ මවු භාෂාව යි. |
භාෂාමය වර්ගීකරණය: | ලොව ප්‍රධානතම භාෂා කුලවලින් වලින් එකකි. |
මූල-භාෂාව: | මුල්-ඉන්දු-යුරෝපීය |
අතුරු බෙදීම්: |
ඇල්බේනියානු
ඇනටෝලියානු (අභාවයට ගිය)
ආර්මේනියානු
බෝල්ටික-ස්ලැවික (බෝල්ටික් සහ ස්ලැවික්)
කෙල්ටික
ජර්මානුක
හෙලනික
(රෝමානුක භාෂා ඇතුළු) ඉතාලීය භාෂා
ටොකරියානු (අභාවයට ගිය)
|
ISO 639-2 සහ 639-5: | ine |
යුරේසියාවේ පිහිටි ඒවායේ වාසභූමි ද සමග, වර්තමානයේ ඉන්දු-යුරෝපීය භාෂාවල පැතිරීම:
ඇල්බේනියානු
ආර්මේනියානු
බෝල්ටික-ස්ලැවික (බෝල්ටික)
බෝල්ටික-ස්ලැවික (ස්ලැවික)
කෙල්ටික්
ජර්මැනික්
හෙලනික (ග්‍රීක)
ඉතාලීය (රෝමානුක)
ඉන්දු-යුරෝපීය නොවන භාෂා
තිත් ලකුණු සහිත හෝ ඉරි වැටුණු ප්‍රදේශවල බහුභාෂා භාවිතය සුලබ ය. |
එත්නොලොග් සඟරාවට අනුව, දැනට භාවිතයේ පවතින ඉන්දු යුරෝපා භාෂා 445ක් පමණ තිබෙන අතර, ඒවායෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් (313) ඉන්දු ඉරානීය ශාඛාවට අයත් වේ. වැඩිම දෙනෙක් තම මවුබස ලෙස භාවිත කරන භාෂා ස්පාඤ්ඤ, හින්දුස්තානි (හින්දි-උර්දු), ඉංග්‍රීසි, ප්‍රංශ, බෙංගාලි, පන්ජාබ්, සහ රුසියානු භාෂා වන අතර ඒවා මිලියන 100කට වැඩි පිරිසක් භාවිතා කරති. ඒ අතර ම ඉතාලි, ජර්මානු, මාරති, පර්සියානු භාෂා භාවිත කරන විශාල පිරිසක් ද වෙති. අද වන විට, සම්පූර්ණ මිනිස් ජනගහනයෙන් 42% (බිලියන 3.2) ඉන්දු යුරෝපා භාෂාවක් තම මවු බස ලෙස භාවිතා කරන අතර එය වැඩිම භාවිතයක් ඇති භාෂා කුලය ද වෙයි.
යුරෝපයේ නූතන භාෂාවන්ගෙන් බොහොමයක් ඉන්දු යුරෝපා භාෂා වන අතර ඊට අමතරව හංගේරියානු, තුර්කි, ෆින්ලන්ත, එස්ටෝනියානු, බාස්ක්, හා මෝල්ටා භාෂා භාවිතා වේ. ඉන්දු යුරෝපා භාෂා නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ හැරුණු විට ආසියාවේ බොහෝ කොටස්වල භාවිතා වේ. මෙම ඉන්දු යුරෝපා භාෂා මධ්‍යතන තුර්කි හා මොන්ගෝලියානු ආක්රමණවලට පෙර අතීත අන්ටෝලියාවේ (වර්තමාන තුර්කිය), හා තරීම් ද්‍රෝණියේ (වර්තමාන ඊසානදිග චීනයේ) වැඩි වශයෙන් භාවිතා විය. සුමේරියානු, එලමිතීය, හරියානීය, හත්තියානීය, කසයිතීන, වැනි හුදකලා භාෂාවන්ගේ වඩා ඉපැරණි ලේඛන හමු වුව ද, අප්‍රිකා-ආසියානු භාෂා කුලයට පසුව දීර්ඝතම වාර්තාගත වී ඇති ඉතිහාසයක් ඇති භාෂා කුලය ලෙස ඉන්දු යුරෝපා භාෂාවලට සැලකිය හැකි බව ලෝකඩ යුගයේ සිට අන්ටෝලියානු භාෂා හා මයිසීනියානු ග්‍රීක ලේඛන හමු වීමෙන් සනාථ වේ.
සෑම ඉන්දු යුරෝපා භාෂාවක් ම නියෝතිලික යුගයේ දී භාවිත වූ, වර්තමානයේ දී ප්‍රතිනිර්මාණය කර තිබෙන මූලික ඉන්දු යුරෝපා භාෂාවෙන් කැඩී ඇති ඒවා ය. එම බසින් ලියවුනු ලේඛන දැනට ඉතිරි වී නොතිබුන ද, ඉන්දු යුරෝපා භාෂා භාවිතා කරන්නන්ගේ අතීත හා වර්තමාන සංස්කෘතිකාංග හා ආගමිකාංග මඟින් එක් නිජබිමකින් සංක්‍රමණය වූ මූලික ඉන්දු යුරෝපා මිනිස් කොට්ඨාශයේ සංස්කෘතිකාංග හා ආගමිකාංග ද ප්‍රතිනිර්මාණය කළ හැක. යම් යම් කල්පිත ඉන්දු යුරෝපා භාෂා කුලය අනෙක් ප්‍රධාන භාෂා කුල හා සමඟද සම්බන්ද කරයි. පුරාන මැදපෙරදිග ඇසිරියානු බසින් ලියා තිබුන ද, කුල්ටෙපේ ලේඛනවල ලියවී තිබෙන හිත්තීය නාම සහ තත්සම වචන ඉන්දු යුරෝපා භාෂාවල පුරාණතම සටහන් වේ.