මුල්කාලීන රාජවංශික යුගය (ඊජිප්තුව)
From Wikipedia, the free encyclopedia
ඊජිප්තුවේ පෞරාණික හෙවත් මුල්කාලීය රාජවංශික යුගය යනු ක්‍රි.පූ. 3100දී ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කිරීමෙන් වහාම පසුව එළඹෙන යුගයයි. සාමාන්‍යයෙන් මෙයට පළමු සහ දෙවන රාජවංශ ඇතුළත් කොට ඇත. මෙයට නැකාඩා III යුගයේ සිට ක්‍රි.පූ. 2686 පමණ පැරණි රාජධානි සමයේ ආරම්භය දක්වා පුරවිද්‍යාත්මක කාලසීමාව අයත් යැයි සැලකේ.[1] පළමු රාජවංශයත් සමග අගනුවර තිනිස් සිට මෙම්ෆිස් වෙත ගෙනයන ලදී. මෙකල ඒකාබද්ධ ඊජිප්තුව පාලනය කරන ලද්දේ දේව-රජකු විසිනි. දකුණෙහි ප්‍රධාන පූජනීය භූමිය ලෙස ඇබයිඩොස් පැවතිණි. පුරාතන ඊජිප්තු ශිෂ්ටාචාරයේ මූලිකාංග වූ කලාව, ගෘහනිර්මාණ ශිල්පය සහ ආගමික ක්ෂේත්රයේ බොහෝ සංකල්ප හැඩගැන්වීම සිදුවූයේ මුල්කාලීන රාජවංශික යුගයේ ය.
ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගය tȝwy | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 3150 පමණ–ක්‍රි.පූ. 2686 පමණ | |||||||||||
අගනුවර | මෙම්ෆිස් | ||||||||||
පොදු භාෂාවන් | පුරාතන ඊජිප්තු | ||||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
පාරාවෝ | |||||||||||
• ක්‍රි.පූ. 3100 පමණ | නාමර් (පළමු) | ||||||||||
• ක්‍රි.පූ. 2690 පමණ | ඛාසෙඛෙම්වි (අවසන්) | ||||||||||
ඉතිහාසය | |||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 3150 පමණ | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 2686 පමණ | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඊජිප්තුව |
ඊජිප්තුව ඒකාබද්ධ කිරීමට පෙර, මෙම භූමිය ජනාවාස වී තිබුණේ ස්වාධීන ගම්මානවලිනි. මුල්කාලීන රාජවංශ සමග, ඊජිප්තු ඉතිහාසයේ ඉන් අනතුරුව එළැඹි යුගයන්හි මෙම දේශය භූමි ද්විත්වය ලෙස ප්‍රකට විය. ජාතික පරිපාලනයක් ස්ථාපිත කළ පාරාවෝවරුන් විසින් රාජකීය ආණ්ඩුකාරවරුන්ව පත්කරන ලදී. මධ්‍යම රජයේ ගොඩනැගිලි සාමාන්‍යයෙන් දැවයෙන් හෝ වැලිගලින් ඉදිකළ විවෘත දේවස්ථානයන් විය. පැරණිතම ඊජිප්තු රූපාක්ෂර දක්නට ලැබෙන්නේ මෙම යුගයට මඳ කාලයකට පෙර සිට ය. නමුත් ඔවුන්ගේ කථන භාෂාව පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි.