සර්ජි බ්‍රින්
ගූගල් ස්මාගමේ සම නිර්මාතෘවරයා / From Wikipedia, the free encyclopedia
ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු මෙන්ම අන්තර්ජාල ව්‍යවසායකයෙකුද වන සර්ජි මිකලොවිච් බ්‍රින්, 1973 අගෝස්තු මස 21 වන දින රුසියාවේ දී උපත ලැබුවෙකි. ලොව ප්‍රමුඛතම හා වඩාත්ම ලාභ ලබන අන්තර්ජාල ආයතනය වන ගූගල් ආයතනය මොහු සහ ලැරී පේජ් විසින් ස්ථාපිත කරන ලද්දකි. 2012 වර්ෂය වන විට මොහුගේ ඇස්තමේන්තුගත පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20.3කි. මේ අතර මොහු සහ ලැරී පේජ් ගූගල් ආයතනයේ 16%ක කොටස් ප්‍රමාණයකට වර්තමානයේ හිමිකම් කියනු ලබයි.
සර්ජි බ්‍රින් | |
---|---|
උපත | සර්ජි මිකලොවිච් බ්‍රින් Серге́й Миха́йлович Брин අගෝස්තු 21, 1973 (1973-08-21) (වයස 50) මොස්කව්, රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුව |
නිවහන | ලොස් අල්ටස්, කැලිෆෝනියාව, ඇමරිකාව. |
ජාතිකත්වය | United States (ඇමරිකානු) |
උගත් ශාස්ත්‍රාලය | මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය (විද්‍යාවේදී 1993) ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය (ආචාර්යය 1995) |
රැකියාව | පරිගණක විද්‍යාඥ, අන්තර්ජාල ව්යවසාධක |
ප්‍රසිද්ධව ඇත්තේ | ගූගල් (Google) ආයතනයේ සම-නිර්මාතෘ |
වේතනය | $1 |
ශුද්ධ වත්කම | ඇමරිකානු ඩොලර් බිලියන 20.3 (2012වනවිට) |
කලත්‍රයා(යන්) | ඈන් වොජ්සිකි |
දරුවන් | 2 |
වෙබ් අඩවිය | Google.com – සර්ජි බ්‍රින් |
අත්සන | |
ආගම | යුදෙව් ආගම |
වයස අවුරුදු 6ක් වන විට සර්ජි බ්‍රින් සෝවියට් සංගමයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය දෙමාපියන් සමඟ ස්ථීර පදිංචිය සඳහා පැමිණ එහිදී වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලැබීය. සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ගණිතය හා පරිගණක විද්‍යාව මැනවින් ප්‍රගුණ කල සර්ජි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගන්නා ලදී. මූලික උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු සිය ආචාර්යය උපාධිය හදාරනු වස් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය වෙත පිවිසෙන ලදී. එහිදී ඔහුට පළමුවරට ලැරී පේජ් මුනගැසෙන අතර පසුව මොවුන් මිතුරන් බවට පත්වේ. මොවුන් දෙදෙනා සිය නිදන කාමරය තුල සිය පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා මිල අඩු පරිගණක පද්ධතියක් ස්ථාපනය කරගත් අතර එයට සර්ජි බ්‍රින්ගේ තොරතුරු කැණීම් පද්ධතිය වඩා උසස් වෙබ් සෙවුම් යන්ත්‍රයක් ලබාගනු පිණිස එක්කරනු ලැබීය. මෙම වැඩසටහන ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය වූ අතර මොවුන් සිය ආචාර්යය උපාධිය සඳහා වූ අධ්‍යනය නවතා දමා කුලියට කාමරයක් ගෙන එහි ගූගල් ආයතනය පිහිටුවන ලදී.
'ද ඉකොනොමිස්ට්' සඟරාව විසින් සර්ජි බ්‍රින් ද්වීප්තිමත් පුද්ගලයෙක් ලෙස හඳුන්වා දෙනු ලැබීය. මේ අතර මෙතෙක් කල් පැවති "දැනුම සියල්ලටම වඩා ඉදිරියෙන් " යන මතයට නව අර්ථකතනයක් ලබා දෙමින් ගූගල් ආයතනය සිය ආදර්ශ පාඨය වන "ලොව තුල පවතින සියළු දැනුම ලෝකයටම පිවිසිය හැකි වන පරිදි සහ වැඩදායක ලෙස ලබාගත හැකි පරිදි සංවිධානය කිරීම " යන්න එළිදක්වන ලදී.