ඇලස්කාව
From Wikipedia, the free encyclopedia
ඇලස්කාව උතුරු ඇමරිකා මහාද්වීපයේ වයඹදිග අන්තයේ පිහිටි එක්සත් ජනපද වලට අයත් ජනපදයකි. ඇලස්කාව මායිම් කරමින් නැගෙනහිරින් කැනේඩියානු යුකොන් භුමිය සහ කැනේඩියානු පළාත ක් වන බ්‍රිටිෂ් කොළොම්බියාව ද, උතුරින් ආක්ටික් සාගරය ද, බටහිරින් සහ දකුණින් පැසිෆික් සාගරය ද පිහිටයි. තවදුරටත් බටහිරින් පිහිටි රුසියාව සහ ඇලස්කාව වෙන් වන්නේ බේරින් සමුද්‍ර සන්ධිය මගිනි. ඇලස්කාව, භුමි ප්‍රමාණය අනුව එක්සත් ජනපද වල විශාලතම ජනපදය යි. එමෙන්ම එක්සත් ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහ අවම ජන ඝනත්වයක් සහිත වන්නේ ද මෙය යි. දළ වශයෙන් ඇලස්කාවේ ජනගහනයෙන් බාගයක් පමණ ජිවත් වන්නේ ඇන්කරේජ් මෙට්‍රොපොලිටන් ප්‍රදේශය තුළ යි. ඇලස්කාවේ ආර්ථිකය පදනම් වන්නේ එහි බහුලව ඇති සම්පත් වන තෙල්, ස්වභාවික වායුව සහ ධිවර කර්මාන්තය මත වේ. සංචාරක කර්මාන්තය ද ආර්ථික යේ වැදගත් කොටසකි.
ඇලස්කා ජනපදය | |||||
| |||||
අන්වර්ථ නාම(ය): The Last Frontier (අවසන් සීමා මායිම) | |||||
ආදර්ශ පාඨය: North to the Future (අනාගතය ට උතුර) | |||||
ප්රාන්තරාජ්ය ගීය: Alaska's Flag | |||||
නිළ භාෂාව(න්) | ඉංග්‍රීසි, Inupiaq, Siberian Yupik, Central Alaskan Yup'ik, Alutiiq, Unangan, Dena'ina, Deg Xinag, Holikachuk, Koyukon, Upper Kuskokwim, Gwich'in, Tanana, Upper Tanana, Tanacross, Hän, Ahtna, Eyak, Tlingit, Haida, Tsimshian[2] | ||||
භාවිත වන භාෂාව(න්) | English 89.7% Native (Eskimo–Aleut and Na-Dene languages) 5.2% Spanish 2.9% | ||||
Demonym | Alaskan | ||||
අගනුවර | Juneau (ජීනෙව්) | ||||
විශාලතම නගරය | ඇන්කරේජ් | ||||
වර්ග ඵලය | Ranked 1 වන ස්ථානය in the U.S. | ||||
- මුළු | 663,268 sq mi (1,717,856 km2) | ||||
- පළල | 2,261 miles (3,639 km) | ||||
- දිග | 1,420 miles (2,285 km) | ||||
- වතුර | 13.77 | ||||
- අක්ෂාංශ | 51°20'N to 71°50'N | ||||
- දේශාංශ | 130°W to 172°E | ||||
ජනගහනය | එක්සත් ජනපද වල 48 වන ස්ථානය ලබා ඇත | ||||
- මුළු | 736,732 (2014 ඇස්ත)[3] | ||||
- ඝනත්වය | 1.26/sq mi (0.49/km2) එක්සත් ජනපද වල 50 වන ස්ථානය ලබා ඇත | ||||
- Median household income | US$64,333 (4 වන ස්ථානය) | ||||
උන්නතාංශ | |||||
- උසම ස්ථානය | ඩෙනාලි (මැකින්ලි කන්ද)[4] 20,320 ft (6194 m) | ||||
- මධ්‍යන්‍ය | 1900 ft (580 m) | ||||
- පහළම ස්ථානය | සාගරය[4] sea level | ||||
Admission to Union | January 3, 1959 (49 වන ස්ථානය) | ||||
Governor | බිල් වෝකර් (I) | ||||
Lieutenant Governor | බයිරන් මැලොට් (D) | ||||
ව්‍යවස්ථාදායකය | ඇලස්කා ව්‍යවස්ථාදායකය | ||||
- Upper house | ඇලස්කා සෙනෙට් සභාව | ||||
- Lower house | House of Representatives | ||||
U.S. Senators | Lisa Murkowski (R) Dan Sullivan (R) | ||||
U.S. House delegation | Don Young (R) (at-large) (list) | ||||
Time zones | |||||
- east of 169° 30' | Alaska: UTC -9/-8 | ||||
- west of 169° 30' | Aleutian: UTC -10/-9 | ||||
Abbreviations | AK US-AK | ||||
Website | alaska.gov | ||||
දේශීය ජනතාව විසින් වසර දහස් ගණනක් තිස්සේ අත්පත් කරගෙන තිබුණ ද, 18 වන සියවසේ සිට ඉදිරියට යුරෝපීය බලවතුන්, සූරාකෑමට හා වෙළඳාම සඳහා ඇලස්කාවේ භූමිය උරුමකර ගැනීමට සලකා බලන ලදී. ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1867 මාර්තු 30 වන දින රුසියානු අධිරාජ්‍යයයෙන් ඇලස්කාව $ මිලියන 7.2 කට මිල දී ගන්නා ලදී. එය අක්කරයක් සඳහා ආසන්න වශයන් ඩොලර් ශත 2 ($4.74/km2) කි. 1912 මැයි 11 දින ඇමරිකා එක්සත් ජනපදයට අයත් භුමි ප්‍රදේශයක් ලෙස සංවිධානය වීමට ප්‍රථම ඇලස්කාව පරිපාලනමය වෙනස්කම් කිහිපයකට බඳුන් කරන ලදී. 1959 ජනවාරි 3 වන දින එය ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ජනපදය ලෙස ඇතුළත් කර ගන්නා ලදී.