පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර
From Wikipedia, the free encyclopedia
පුරාතන ඊජිප්තියානුවන්ට විස්තීරණ අවමංගල්‍යමය සිරිත් ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්රවිධි අතර සිරුරට බෙහෙත් කවා මමිකරණය (ඊජිප්තුවේ පුරාණ මමීකරණය) මායා මන්ත්‍ර ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ ඊජිප්තියානු ඊළඟ උපත සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය. [1] [2]
කාලය ගතවත්ම, පුරාතන ඊජිප්තියානුවන් විසින් භාවිතා කෙරුණු මිහිදන් කිරීමේ ක්‍රියාවලිය පරිණාමයට ලක්වූ අතර, පැරණි චාරිත්‍ර බැහැරවෙමින් නව චාරිත්‍ර යොදාගත් මුත්, වැදගත් කරුණු කිහිපයක් දිගටම පැවතිණි. විශේෂිත සවිස්තර සැලසුම් කාලය සමග වෙනස් වුවද, දේහය සූදානම් කිරීම, අදාල වූ මායා මන්ත්‍ර ජපකිරීමේ චාරිත්‍ර සහ, යොදා ගැනුණු සොහොන් භාණ්ඩ යන දේවල් යථා යෝග්‍ය ඊජිප්තියානු අවමංගල්‍යයක ආවශ්‍යික කොටස් විය.