බාජිරාඕ මස්තානි
From Wikipedia, the free encyclopedia
බාජිරාඕ මස්තානි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී තිරගත වූ ඉන්දියානු වීර කථා ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි අධ්‍යක්ෂකවරයා වන සංජේ ලීලා භන්සාලි විසින්ම, චිත්‍රපටයේ ගීත නිර්මාණය ද සිදුකරන ලදී. මෙය භන්සාලි සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් සමාගම්වල හවුල් නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටයේ රන්වීර් සිං විසින් Iවන බාජිරාඕගේ චරිතයත්, දීපිකා පදුකෝන් විසින් මස්තානිගේ චරිතයත්, ප්‍රියංකා චොප්රා විසින් බාජිරාඕගේ පළමු බිරිය වන කාෂිබායිගේ චරිතයත් නිරූපණය කරයි. මෙහි සහාය චරිත නිරූපණය කරන්නේ තාන්වි අස්මි, වෛභාව් තත්වාව්දි සහ මිලින්ද් සෝමන් විසිනි. නාග්නාත් එස්. ඉනාම්දාර්ගේ මරාඨි නවකථාවක් වන රාවු පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මගින් මරාඨ පේෂ්වා බාජිරාඕ (ක්‍රි.ව. 1700-1740) සහ ඔහුගේ දෙවන බිසව වූ මස්තානිගේ කථා පුවත නිරූපණය වේ.
බාජිරාඕ මස්තානි | |
---|---|
අධ්‍යක්ෂණය | සංජේ ලීලා භන්සාලි |
රචනය | ප්‍රකාශ් ආර්. කපාඩියා (දෙබස්) |
තිර රචනය | ප්‍රකාශ් ආර්. කපාඩියා අතිරේක තිර රචනය:- සංජේ ලීලා භන්සාලි |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
කථනය | ඉර්ෆාන් ඛාන් |
සිනෙමාරූපණය | සුදීප් චැටර්ජී |
සංස්කරණය | රාජේශ් ජී. පාණ්ඩේ |
සංගීතය |
|
Production company | භන්සාලි ප්‍රොඩක්ෂන්ස් |
බෙදාහැරීම | ඊරෝස් ඉන්ටර්නැෂනල් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 158[1] |
රට | ඉන්දියාව |
භාෂා | හින්දි, මරාඨි |
පිරිවැය | කෝටි 125[2] |
ආදායම | ඇස්ත. කෝටි 357[3] |
හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයෙන් පසුව භන්සාලිහට මෙම චිත්‍රපට නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත්, එය ගොඩනගා ගැනීමට වර්ෂ 15ක් ගත විය. කෙසේනමුත්, කිහිප වරක්ම, මෙහි නිෂ්පාදන කටයුතු ප්‍රමාද කෙරුණේ මෙහි නළුවරණ කටයුතු වෙනස් කිරීමට සිදුවූ නිසායි. ප්‍රධාන චරිතවල නිරූපණය සමාලෝචනය කර අවසන් වීමෙන් පසු 2014 මැද ප්‍රධාන ඡායාරූපකරණ කටයුතු ඇරඹිණි. 2015 දෙසැම්බර් 18 දින චිත්‍රපටය මුදාහැරිණි. මෙය විචාරකයන් වෙතින් ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, අධ්‍යක්ෂණය, සිනෙමාරූපණය, නිෂ්පාදන සැලසුම, වස්ත්‍ර, සංගීතය මෙන්ම චොප්රා සහ සිංගේ රංගන ප්‍රතිභාව ද විචාරකයින්ගේ පැසසුමට ලක් විය.
මෙම චිත්‍රපටය ප්‍රවේශපත් කාර්යාලවල ඉන්දියානු රුපියල් කෝටි 350ක ආදායමක් හිමි කරගැනීමට සමත් වූයේ[3] ඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් ලෙස ආර්ථික සාර්ථකත්වයක් ලබාගනිමිනි. ඉන්දියාව පුරා විවිධ සම්මාන උළෙලවල්හි දී මෙම චිත්‍රපටය සම්මාන ගණනාවක් හිමිකරගත්තේ ය. 63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී, බාජිරාඕ මස්තානි සම්මාන හතක් හිමි කරගත් අතර, මේ අතරට හොඳම අධ්‍යක්ෂණය සහ අස්මි හට හිමි වූ හොඳම සහාය නිළියට හිමි සම්මාන ද වේ. ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙල තුළ 2016 ඉන්දියානු පරිදර්ශන අංශයෙන් මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරිණි.[4] 61වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන දාහතරක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, සම්මාන නවයක් හිමිකරගත්තේ ය. මේ අතරට හොඳම චිත්‍රපටය, භන්සාලිට හිමිවූ හොඳම අධ්‍යක්ෂක සම්මානය, සිං හට හිමි වූ හොඳම නළුවා සම්මානය සහ චොප්රා විසින් හිමි කරගත් හොඳම සහාය නිළි සම්මානය ද ඇතුළත් වේ.