නාර්මර්
මුල්කාලීන රාජවංශික සමයේ විසූ පුරාතන ඊජිප්තු පාරාවෝ / From Wikipedia, the free encyclopedia
නාර්මර් යනු මුල්කාලීන රාජවංශික යුගයේ පුරාතන ඊජිප්තු රජ කෙනෙකි.[1] ප්‍රාක්රාජවංශික රජවරුන් වූ ස්කෝර්පියන් සහ/හෝ කා රජවරුන්ගේ අනුප්‍රාප්තිකයා විය හැකි මොහුව ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා සහ පළමු රාජවංශයේ ආදිකර්තෘවරයා ලෙසයි. එය එසේ වී නම් මොහු එක්සත් ඊජිප්තුවේ පළමු රජු වේ.
නාර්මර් | |
---|---|
මෙනෙස් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 31වන සියවස පමණ (?) (1වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | කා (බොහෝදුරට) හෝ ස්කෝර්පියන් II |
අනුප්‍රාප්තිකයා | හොර්-අහා |
දරුවන් | හොර්-අහා ? |
භූමදානය | B17 සහ B18 කුටීර, උම් එල්-කා’අබ් |
නාර්මර්ගේ අනන්‍යතාව තවමත් විවාදයට තුඩු දී ඇත. නමුත් ප්‍රධාන ඊජිප්තුවේදී සමීක්ෂණ[2][3][4][5] මගින් නාර්මර් යනු පළමු රාජවංශ පාරාවෝ මෙනෙස්ම යැයි සලකා ඇත. ඇතැම් අවස්ථාවල දී පළමු පාරාවෝ ලෙස ඊජිප්තුව එක්සත් කළේ මොහු යැයි පැවසේ. මෙම නිගමනයට පාදක වී ඇත්තේ නාර්මර් ඵලකය (මෙහි නාර්මර් ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා ලෙස දක්වා ඇත) සහ ඇබයිඩොස්හි සුසාන භූමියෙන් හමුවූ මුද්‍රා දෙකකි. මෙහි ඔහු පළමු රාජවංශයේ ප්‍රථම රජු ලෙස දක්වා ඇත.
නාර්මර්/මෙනෙස්ගේ ආසන්න දිනයන් ක්‍රි.පූ. 31 හෝ 32වන සියවස්වලට සමීප අගයයන් යැයි ඇස්තමේන්තු කෙරේ. නමුත් මෑතකාලීන ඊජිප්තුවේදී සාහිත්‍යය තුළ ක්‍රි.පූ. 34 සිට 30 දක්වා සියවස් අතර අගයයන් ඔහුට යෝජනා කොට ඇති අවස්ථා ද හුමවේ.[6]