රාණි පද්මිනී
ඉන්දියානු රැජින / From Wikipedia, the free encyclopedia
පද්මිනී හවත් පද්මාවතී යුනවෙන් හැඳින්වෙන්නේ 13වන-14වන සියවස්වල විසූයේ යැයි පැවසෙන ජනප්රවාදගත ඉන්දියානු රැජිනකි (රාණි). ඇය පිළිබඳ සඳහන් පැරණිතම ප්රභවය වන්නේ ක්‍රි.ව. 1540දී මලික් මුහම්මද් ජායසී විසින් රචිත පද්මාවත් නම් වීර කාව්‍යයයි. ෆැන්ටසි ලක්ෂණවලින් යුත් මෙම ග්රන්ථයෙහි ඇගේ කථාව මෙසේ සඳහන් කරයි: පද්මාවතී යනු සිංහල රාජධානියේ (ශ්‍රී ලංකාවේ) විසූ අතිශයින් රූමත් කුමරියකි. චිතෝර්හි රාජ්පුත් පාලකයා වූ රතන් සේන්හට ඇගේ රූමත් බව දැන ගන්නට ලැබෙන්නේ හිරාමන් නම් කථා කරන ගිරවකුගෙනි. ත්‍රාසජනක ගවේෂණයකින් පසු, ඇය සමග විවාහ වන ඔහු ඇයව චිතෝර් වෙත කැඳවාගෙන එයි. දිල්ලියේ සුල්තාන්වරයා වන අලාඋද්දීන් ඛල්ජිහට ද ඇය පිළිබද දැනගන්නට ලැබෙන අතර, ඔහු චිතෝර් වෙත පහරදෙන්නේ ඇයව ලබාගැනීමේ අපේක්ෂාවෙනි. මේ අතර පද්මාවතීගේ රූමත් බව අසන කුම්භාල්නේර්හි දේව්පාල් රජු රතන් සේන්ට පහර දී ඔහුව මරාදමයි. අලාඋද්දීන් ඛල්ජි චිතෝරය අල්ලා ගැනීමට පෙර පද්මාවතී සහ ඇගේ සහායිකාවන් ජෝහර් (ස්වයං-බිලි පූජා) චාරිත්‍රය අනුව සියදිවි හානි කරගන්නේ සිය ගෞරවය රැක ගැනීමටයි.
මෙම ජනප්රවාදයේ පසුකාලීන අනුවර්තන තුළ ඇය මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්ෂා කරගත් හින්දු රාජ්පුත් රැජිනක ලෙසින් හුවා දක්වා ඇත. වසර ගණනාවක් පුරා, ඇය ඓතිහාසික චරිතයක් යැයි සලකන්නට පටන්ගෙන ඇති අතර, නවකථා, නාට්‍ය, රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට කිහිපයක ඇයව ිනරූපණය කොට ඇත. කෙසේනමුත්, ක්‍රි.ව. 1303 අලාඋද්දීන් ඛල්ජිගේ චිතෝර් වටලෑම සත්‍ය ඓතිහාසික සිදුවීමක් වුවත්, ඓතිහාසික සාක්ෂි ඉතා අල්ප හෙයින් පද්මිනීගේ පුරාවෘත්තයේ සත්‍යතාව නූතන ඉතිහාඥයන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.