එස්. එස්. රාජමෞලි
ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක සහ තිර රචක / From Wikipedia, the free encyclopedia
එස්. එස්. රාජමෞලි (උපන් නාමය කෝඩුරි ශ්රීසෛල ශ්‍රී රාජමෞලි)[2] යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාව සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු සහ තිර රචකයෙකි. මුඛ්‍යධාරා මාධ්‍ය තුළ කටයුතු කළ ද, ඔහුගේ චිත්‍රපට සුවිශේෂීභාවයට පත්ව ඇත්තේ ඒවායේ ඇති තාක්ෂණික උපායයන් සහ කුසලතාව නිසාවෙනි.[3][4][5][6] ඔහු ප්‍රචලිතව ඇත්තේ මගධීරා (2009), ඊගා (2012), කොටස් දෙකකින් යුත් බ්‍රසල්ස් අන්තර්ජාතික මනඃකල්පිත චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කෙරුණු බාහුබලි: ද බිගිනිං (2015) සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී මංගල දර්ශනය ඇරඹි බාහුබලි 2: ද කන්ක්ලූෂන් (2017)[7][8] වැනි අධි ෆැන්ටසි සෙලියුලොයිඩ් නිර්මාණ හේතුවෙනි. මින් බාහුබලි චිත්‍රපට ද්විත්වය ලොවපුරා සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු බහුභාෂා චිත්‍රපට මාලාව බවට පත්වූයේ ආසන්න වශයෙන් 1900 කෝටි (US$300 මිලියන)ක ඉහළම ආදායමක් උපයා ගනිමිනි.[9][10][11][12] එම තෙලිඟු චිත්‍රපට මාලාවේ පළමු කොටස හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි සහ සංත්‍රාස චිත්‍රපට පිළිබඳ ඇකඩමිය වෙතින් ලබාදෙන හොඳම ෆැන්ටසි චිත්‍රපටය සඳහා සැටර්න් සම්මානය සඳහා ද නිර්දේශ විය.[13]
එස්. එස්. රාජමෞලි | |
---|---|
උපත | කෝඩුරි ශ්රීසෛල ශ්‍රී රාජමෞලි රායිචූර්, කර්ණාටක |
නිවහන | හයිදරාබාද්, තෙලංගානා |
වෙනත් නම් | ජක්කණ්ණා, නන්දි |
රැකියාව | අධ්‍යක්ෂක, තිර රචක, තිරනාට්‍ය රචක |
උපන් නගරය | කොව්වූර්, බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කය, ආන්ධ්‍රා ප්‍රදේශ් |
කලත්‍රයා(යන්) | රාමා රාජමෞලි[1] |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් |
සම්මාන | පද්ම ශ්‍රී (2016) |
වෙබ් අඩවිය | ss-rajamouli.com |
ඔහුගේ සෙසු නිර්මාණ අතරට ක්‍රීඩා නාට්‍යමය චිත්‍රපටයක් වන ස්යේ සහ ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී මුඛ්‍යධාරා අංශයෙන් තිරගත වූ සමාජ ගැටලු චිත්‍රපටයක් වන වික්‍රමාර්කුඩු වැනි චිත්‍රපට අයත් ය.[14] ඔහුගේ උද්වේග නාට්‍යමය චිත්‍රපට වූ මරියාද රාමණ්ණා, වික්‍රමාර්කුඩු සහ ඡත්‍රපති සාර්ථක ප්‍රතිචාර සමගින් නොයෙකුත් ඉන්දියානු භාෂාවලින් ප්‍රතිනිර්මාණය විය.[15][16] රාජමෞලි විසින් සම්මාන ගණනාවක් හිමි කරගෙන ඇති අතර, එයට ජාතික චිත්‍රපට සම්මාන දෙකක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක්, ප්‍රාන්ත නන්දි සම්මාන තුනක්, IIFA සම්මානයක් සහ 2012දී ලද ස්ටාර් වර්ල්ඩ් ඉන්ඩියාහි "වසරේ විනෝදාස්වාදකයා" යන සම්මාන ඇතුළත් ය.[17][18] 2016දී, ඔහුට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරව සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණේ කලා ක්ෂේත්රයෙන් ඔහුගේ දායකත්වය අගය කරමිනි.[19][20]