බාහුබලි: ද බිගිනිං
2015 දී තිරගත කෙරුණු තෙලගු චිත්‍රපටයක් / From Wikipedia, the free encyclopedia
බාහුබලි: ද බිගිනිං (සිංහල: බාහු බලය ඇත්තා) යනු එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2015 ඉන්දියානු වීරකථා ෆැන්ටසි චිත්‍රපටයකි. ශෝබු යාර්ලගද්දා සහ ප්‍රසාද් දේවිනේනි විසින් නිෂ්පාදනය කරන ලද මෙය, තෙලිඟු සහ දෙමළ භාෂාවලින් සමගාමීව රූගත කරන ලද කොටස් දෙකකින් යුත් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය වේ.[5][6][7] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රභාස්, රානා දග්ගුබාති, තමන්නා සහ අනුෂ්කා ෂෙට්ටි විසිනි. සත්‍යරාජ්, රම්‍යා ක්‍රිෂ්ණන්, නසාර්, ආදිවි සේෂ්, තානිකෙල්ල භරනි සහ සුදීප් මෙහි සහාය චරිත නිරූපණය කරනු ලබයි. චිත්‍රපටයේ ධ්වනිපථය සහ පසුබිම් සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ එම්. එම්. කීරවානි විසින් වන අතර, සිනෙමාරූපණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය සහ දෘශ්‍ය ප්‍රයෝග මෙහෙයවීම සිදුකරන ලද්දේ පිළිවෙලින් කේ. කේ. සෙන්තිල් කුමාර්, කෝටගිරි වෙන්කටේස්වරා රාඕ, සාබු සිරිල් සහ වී. ශ්‍රීනිවාස් මෝහන් විසිනි.
බාහුබලි: ද බිගිනිං | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
රචනය | සී. එච්. විජේ කුමාර් අජේ කුමාර් (තෙලිඟු දෙබස්) මධන් කාර්කි (දෙමළ දෙබස්) මනෝජ් මුන්තෂීර් (හින්දි දෙබස්) |
තිර රචනය | එස්. එස්. රාජමෞලි |
කතාවස්තුව | කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් |
නිශ්පාදනය | ශෝබු යාර්ලගද්දා ප්‍රසාද් දේවිනේනි |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | කේ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ වින්සන්ට් ටැබයිලන් (ජාත්‍යන්තර ප්‍රභේදය) |
සංගීතය | එම්. එම්. කීරවානි |
Production company | අර්කා මීඩියා වර්ක්ස් |
බෙදාහැරීම | තෙලිඟු: අර්කා මීඩියා වර්ක්ස් දෙමළ: ස්ටූඩියෝ ග්‍රීන් UV ක්‍රියේෂන්ස් ශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස් හින්දි: ධර්මා ප්‍රොඩක්ෂන්ස් ඒඒ ෆිල්ම්ස් මලයාලම්: ග්ලෝබල් යුනයිටඩ් මීඩියා |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | |
රට | ඉන්දියාව |
භාෂා | තෙලිඟු දෙමළ |
පිරිවැය | කෝටි 180 (බිලියන 1.8)[3] |
ආදායම | කෝටි 650 (බිලියන 6.5)[4] |
කෝටි 180ක (බිලියන 1.8) අයවැයක් සහිතව නිපදවූ මෙම චිත්‍රපටය[8] ලොව පුරා මුදාහැරුණේ 2015 ජූලි 10 දින ය. විචාරකයින් වෙතින් යහපත් ප්‍රතිචාර ලද මෙය ඉන්දියාව තුළ ඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපටය,[9] ගෝලීයව තෙවන ඉහළම ආදායම ලද ඉන්දියානු චිත්‍රපටය, ලොව පුරා කෝටි 650කට (බිලියන 6.5) අධික සමස්ත ආදායමක් ලබාගත් ප්‍රථම සහ එකම දකුණු ඉන්දියානු චිත්‍රපටය, හින්දි හඬකැවූ ප්‍රභේදයෙන් ලොවු පුරා කෝටි 100කට (බිලියන 1) අධික ආදායමක් ලබාගත් හින්දි-නොවන චිත්‍රපටය, සර්වකාලීන ඉහළම ආදායම ලබන තෙලිඟු චිත්‍රපටය ද වේ.[10]
වින්සන්ට් ටැබයිලොන් විසින් සංස්කරණය කරන ලද චිත්‍රපටයේ අන්තර්ජාතික ප්‍රභේදය විවිධ චිත්‍රපට උළෙලවල්වල දී තිරගත කෙරිණි. එය හොඳම ෆැන්ටසි චිත්‍රපටය සඳහා සැට්ර්න් සම්මානය සහ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි සහ සංත්‍රාස චිත්‍රපට පිළිබඳ ඇකඩමියේ සම්මාන සඳහා නිර්දේශ ද විය. මෙහි තෙලිඟු ප්‍රභේදය 63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය-ස්වර්ණ පද්ම සම්මානය සහ හොඳම විශේෂ ප්‍රයෝග යන සම්මාන හිමි කරගත්තේ ය.[11]