පද්මාවත් (චිත්‍රපටය)
සංජේ ලීලා භන්සාලිගේ 2018 චිත්‍රපටය / From Wikipedia, the free encyclopedia
පෙරදී පද්මාවතී යනුවෙන් නම් ලද හා දැනට පද්මාවත් යනුවෙන් හැඳින්වෙන්නේ සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ඉන්දියානු කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. මෙය භන්සාලි සහ වයාකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනයේ හවුල් නිෂ්පාදනයකි. දීපිකා පඩුකෝන් මෙහි රාණි පද්මාවතී ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරයි. ෂාහිඩ් කපූර් මහාරාවල් රතන් සිං ලෙසත්, සහ රන්වීර් සිං මෙහි සුල්තාන් අලාඋද්දීන් ඛිල්ජි ලෙසත් රංගනයේ යෙදෙති. ආදිති රාඕ හයිදරි, ජිම් සර්භ්, රාසා මුරාද්, සහ අනුප්රියා ගොවෙන්කා මෙහි සහාය චරිත නිරූපණය කරති. මලික් මුහම්මද් ජායසීගේ පද්මාවත් (1540) වීරකාව්‍යය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය තුළින් ඛිල්ජිගේ ග්රහණයෙන් මිදීම පිණිස ජෞහර් (ස්වයං බිලිපූජාවෙහි) පිළිවෙතෙහි යෙදුණු පද්මාවතී නම් රාජ්පුත් රැජිනගේ කථාපුවත නිරූපණය වේ.[5][6]
පද්මාවත් | |
---|---|
අධ්‍යක්ෂණය | සංජේ ලීලා භන්සාලි |
රචනය |
|
තිර රචනය | සංජේ ලීලා භන්සාලි |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් | දීපිකා පඩුකෝන් ෂාහිඩ් කපූර් රන්වීර් සිං ආදිති රාඕ හයිදරි |
සිනෙමාරූපණය | සුදීප් චැටර්ජී |
සංස්කරණය | ජයන්ත් ජාධර් සංජේ ලීලා භන්සාලි අකීව් අලි |
සංගීතය | ගීත: සංජේ ලීලා භන්සාලි පසුබිම් ස්වරමාලා: බාපි-තුතුල් |
Production company | භන්සාලි නිෂ්පාදන |
බෙදාහැරීම | වයාකොම් 18 මෝෂන් පික්චර්ස් (ඉන්දියාව) පැරමවුන්ට් පික්චර්ස් (අන්තර්ජාතික ) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 163[2] |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | කෝටි 215[3] |
ආදායම | ඇස්ත. කෝටි 232.24[4] |
215 කෝටි (US$34 මිලියන)ක නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ පද්මාවත් වඩාත් වියදම් අධ්කම හින්දි චිත්‍රපටය වන අතර ඉහළම පිරිවැයක් දරා නිපදවූ ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් ද වේ.[7][8] මුලින් 2017 දෙසැම්බර් 1 දින මුදාහැරීමට නියමිතව තිබූ පද්මාවත් චිත්‍රපටයේ මුදාහැරීම තාවකාලිකව කල්දැමුණේ විවිධ මතභේද හේතුවෙනි. ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් එහි මුදාහැරීම කල්දමන ලදී. දෙසැම්බරයේ දී චිත්‍රපට සහතිකකරණ මධ්‍යම මණ්ඩලය විසින් මෙහි බහුවිධ සංශෝධන සහ චිත්‍රපට නාමය වෙනස් කිරීම ඇතුළු නවීකරණයන් පහක් සිදුකළ යුතු බවට නිර්දේශ කරන ලදී.[9][10] ඒ අනුව 2018 ජනවාරි 25 දින පද්මාවත් චිත්‍රපටය 2D, 3D සහ IMAX 3D ආකෘතිවලින් මුදාහැරිණි. IMAX 3D තාක්ෂණයෙන් මුදාහළ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය මෙයයි.[11]
පද්මාවත් ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර හිමිකරගත්තේ ය. මෙහි දෘශ්‍ය ප්‍රයෝග සහ ඛිල්ජි ලෙස සිං කළ නිරූපණය විචාරක පැසසුමට ලක්වූ නමුත්, කථාපෙළ සහ දීර්ඝභාවය වැනි කරුණු විවේචනයට ලක් විය.[12] එසේම ගතානුගතික ලෙස ඛිල්ජි දුෂ්ට මුස්ලිම් රජකු ලෙසත්, රතන් සිං ධාර්මික හින්දු රජකු ලෙසත් නිරූපණය කොට තිබීම කෙරෙහි ද විචාරක අප්‍රසාදය පළ විය[13][14][15][16][17][18][19]