අනුෂ්කා ෂෙට්ටි
From Wikipedia, the free encyclopedia
ස්වීටි ෂෙට්ටි (උපත 7 නොවැම්බර් 1981), හෙවත් අනුෂ්කා ෂෙට්ටි යන වේදිකා නාමයෙන් ප්‍රකට වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපටවල ප්රමුඛව රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි.
අනුෂ්කා ෂෙට්ටි | |
---|---|
උපත | ස්වීටි ෂෙට්ටි[1] 7 නොවැම්බර් 1981 (1981-11-07) (වයස 42)[2] මැංගලෝර්, කර්ණාටක, ඉන්දියාව |
නිවහන | හයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව[3] |
අධ්‍යාපනය | BCA |
රැකියාව | නිළියක, නිරූපිකාවක, හිටපු යෝගා ගුරුවරියක |
සක්‍රීය වසර | 2005–වර්තමානය |
උස | 1.7 m (5 ft 7 in) |
සම්මාන | කලෛමාමණි, නන්දි සම්මානය |
ආගම | හින්දු ආගම |
ඇය සිය රංගන වෘත්තිය ඇරඹූයේ 2005 තෙලිඟු චිත්‍රපටයක් වූ සුපර් චිත්‍රපටය ඔස්සේ ය. ඇය විසින් වික්‍රමර්කුඩු (2006), අරුන්දතී (2009), වේඩම් (2010), රුද්‍රමාදේවී (2015) සහ බාහුබලි: ද බිගිනිං (2015) යන සුප්‍රකට තෙලිඟු චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉහළ නිෂ්පාදන අයවැයකින් යුත් නිර්මාණ මාලාවකට දායක වීමෙන් පසු, ඇය තෙලිඟු සිනමාවේ ප්රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සිය නාමය සනිටුහන් කරගත්තා ය.[4] ඇය විචාරක පැසසුමට පාත්‍ර වූයේ අරුන්දතී (2009) චිත්‍රපටයේ අරුන්දතී චරිතය,[5] වේඩම් (2010) හි සරෝජා චරිතය[6] සහ රුද්‍රමාදේවී රැජිනගේ චරිතය නිරූපණය හේතුවෙනි. මේ හේතුවෙන් ඇයට ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනකුත්, නන්දි සම්මානයකුත් සහ සිනේමා සම්මාන තුනකුත් හිමි කරගැනීමට හැකි විය. 2010 දශකයේ, අනුෂ්කා දෙමළ සිනමාවේ ද සාර්ථකත්වයට පත්වූයේ ක්‍රියාදාම චිත්‍රපට වූ සිංගම් (2010),[4] හා එහි දෙවන කොටස වූ සිංගම් II (2013) සහ යෙන්නෛ අරින්දාල් (2015) යන චිත්රලටවල රංගනය නිසා ය. මෙම චිත්‍රපට ත්‍රිත්වයම ඉහළ ආර්ථික සාර්ථකත්වයක් හිමි කරගත් අතර, වානම් (2011), දෙයිව තිරුමගල් (2011) සහ ඉන්ජි ඉදුප්පළගි (2015) චිත්‍රපටවල ඇගේ රංගනය විචාරක පැසසුමට ලක් විය.
ඇයව "2015 හයිදරාබාද්හි වඩාත්ම මනහර කාන්තාව" ලෙස නම්කෙරිණි.[7]