ගෝඨාභය රාජපක්ෂ
From Wikipedia, the free encyclopedia
ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, RWP, RSP, පීඑස්සී, GR (උපත 20 ජූනි 1949) ශ්‍රී ලංකාවෙහි හිටපු ජනාධිපතිවරයා යි. ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, තාක්ෂණධරයෙක් සහ විශ්‍රාමික හමුදාමය නිලධාරියෙක් වේ. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් වත්මන් සිදුවීමක් හා සබැඳි පුද්ගලයකු පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
අති ගරු ලුතිනන් කර්නල් RWP, RSP ගෝඨාභය රාජපක්ෂ | |
---|---|
| |
ශ්‍රී ලංකාවෙහි 8වන ජනාධිපතිවරයා | |
තනතුර දරමින් 18 නොවැම්බර් 2019 – 14 ජූලි 2022 | |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
ආරක්ෂක අමාත්‍ය | |
තනතුර දරමින් 28 නොවැම්බර් 2019 – 14 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ඔහුම |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ (වැඩබලන) |
තාක්ෂණ අමාත්‍ය | |
තනතුර දරමින් 26 නොවැම්බර් 2020 – 14 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ඔහුම |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ (වැඩබලන) |
ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම්වරයා | |
තනතුර දරමින් 25 නොවැම්බර් 2005 – 8 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක දි. මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | අශෝක ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | බී. එම්. යූ. ඩී. බස්නායක |
පුද්ගලික තොරතුරු | |
උපත | නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 20 ජුනි 1949 (1949-06-20) (වයස 74) වීරකැටිය, ලංකා ඩොමීනියන් රාජ්‍යය |
Citizenship | |
කලත්‍රයා | අයෝමා රාජපක්ෂ |
Relations | මහින්ද රාජපක්ෂ (සොහොයුරා) බැසිල් රාජපක්ෂ (සොහොයුරා) චමල් රාජපක්ෂ (සොහොයුරා) |
දරුවන් | මනෝජ් රාජපක්ෂ |
දෙමව්පිය(s) | ඩී. ඒ. රාජපක්ෂ (පියා) දන්දිනා සමරසිංහ දිසානායක (මව) |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | https://gota.lk/ |
අපනාමය | ගෝඨා |
හමුදා සේවය | |
Allegiance | ශ්‍රී ලංකාව |
ඛණ්ඩය/සේවය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේවා කාල සීමාව | 1971–1992 |
නිලය | ලුතිනන් කර්නල් |
ඒකකය | ගජබා රෙජිමේන්තුව |
Commands | 1වන ගජබා රෙජිමේන්තුව ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය |
සටන්/යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය 1987–1989 ජවිපෙ කැරැල්ල |
Awards | රණ වික්‍රම පදක්කම රණ ශූර පදක්කම |
2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.[6]
වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.
හමුදා නිලදාරියෙකු ශ්‍රි ලංකාවේ ජනාධිපති ධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ජනාධිපති දූරයට පෙර වෙනත් කිසිඳු දේශපාලනික තනතුරක් නොදැරූ පුද්ගලයෙකු එම තනතුරට තේරී පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. සිය ධූරකාලය ආරම්භයේදීම විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරයේ බලතල විශාල ලෙස තරකරගත් ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් රජයේ ප්‍රභල තනතුරු වලට පත්කරගනිමින් පවුල්වාදී දේශපාලන ක්‍රමයක් ගෙන ගියේය. ගෝලීය කොවිඩ් 19 වසංගත තත්වය සමඟින් පැණවුනු සංචරණ සීමා හේතුකොටගෙන සංචාරක ව්‍යාපාරය මත පදනම් වූ ආර්ථිකය බිඳවැටීමත් සමඟ එල්ලවූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් රාජපක්ෂ පාලනය දැඩි අපහසුතාවයකට පත්වූ අතර ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල හිඟය මෙම තත්වය තවත් බරපතල විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනයට විරුද්ධව රට පුරා කැරලි හටගත් අතර එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් ගෝඨාභය රාජපක්ෂට රටෙන් පළා යාමට සිදුවිය.