තමන්නා
From Wikipedia, the free encyclopedia
තමන්නා භාටියා (උපත 1989 දෙසැම්බර් 21[1]) හෙවත් තමන්නා ලෙස හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි.[2]ඇය ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සහ දෙමළ චිත්රලටවල රංගනයේ යෙදී ඇත. එසේම ඇය හින්දි චිත්‍රපටවල ද චරිත නිරූපණය කොට ඇත. රංගනයට අමතරව, ඇය වේදිකා වැඩසටහන් සඳහා සහභාගී වී ඇත. එසේම ඇය විවිධ නිෂ්පාදන නාමයන් සඳහා ප්රමුඛ සන්නාම තානාපතිනියක ලෙස ද ක්‍රියා කරයි.
තමන්නා භාටියා | |
---|---|
උපත | 21 දෙසැම්බර් 1989 (1989-12-21) (වයස 34) |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
වෙනත් නම් | තමන්නා |
රැකියාව | නිළියක, නිරූපිකාවක, නර්තන ශිල්පිණියක |
සක්‍රීය වසර | 2002–වර්තමානය |
සම්මාන | කලෛමාමණි, ඒෂියාවිෂන් සම්මාන, සිනේමා සම්මාන |
තෙලිඟු සහ දෙමළ සිනමාවට පිවිසීමට ප්‍රථම 2005දී, 15වන වියේ පසුවූ ඇය ඇය සිය ප්‍රථම රංගන දායකත්වය සැපයූයේ බොලිවුඩ් චිත්‍රපටයක් වන චන්ද් සා රෝෂන් චෙහ්රා චිත්‍රපටයේ ය. එසේම ඇය අභිජීත් සාවන්ත්ගේ ආප්තා අබිජීත් ඇල්බමයේ "ගෆ්සෝන් මේන්" ගීතය සඳහා ද දායකත්වය සැපයූවා ය. එය 2005 වර්ෂයේ මුදාහැරිණි. තමන්නා තෙලිඟු චිත්‍රපට ක්ෂේත්රයට සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කළේ ශ්‍රී චිත්‍රපටයෙනි. ඊළඟ වර්ෂයේ ඇය ඇගේ පළමු දෙමළ චිත්‍රපටය වන කේඩි චිත්‍රපටයේ රැඟුවා ය. 2007දී, ඇය විසින් පාසල්-දිවිය අලලා නිමැවුණු චිත්‍රපට ද්විත්වයක් වන Happy Days නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, කල්ලූරි නැමැති ද්‍රවිඩ චිත්‍රපටයේත් චරිත නිරූපණය කරන ලදී.
ඇගේ රංගන ව්‍යාපෘති අතර දෙමළ චිත්‍රපට වන අවන් (2009), පයියා (2010), සුරා (2010) සහ සිරුතායි (2011), වීරම් (2014) වැනි චිත්‍රපට ද, තෙලිඟු චිත්‍රපට වන 100% Love (2011) වැනි චිත්‍රපට ප්‍රකට ය. ඇගේ සෙසු චිත්‍රපට අතර රාචා (2012), තඩාකා (2013), බාහුබලි: ද බිගිනිං (2015), Bengal Tiger (2015) සහ ඌපිරි (2016) වැනි චිත්‍රපට හමුවේ. මෙලෙසින් ඇය තෙලිඟු සහ දෙමළ සිනමාවේ ප්රමුඛ නිළියක ලෙසින් සිය සලකුණු සනිටුහන් කළා ය.
තමන්නා අජිත් කුමාර්, විජයි, සූර්යා, කාර්ති, ධනුෂ්, ජයම් රවි, ආර්යා, පවන් කල්යාන්, මහේෂ් බාබු, නාගාර්ජුනා, අල්ලු අර්ජුන්, රාම්චරන්, කනිෂ්ඨ එන්. ටී. රාමා රාඕ, රවි තේජා, ප්‍රභාස්, සටිෆ් අලි ඛාන්, අජේ දේව්ගන්, අක්ෂේ කුමාර්, රන්වීර් සිං වැනි ප්‍රධාන නළුවන් සමග චරිත නිරූපණයේ නියැළී තිබේ. දකුණු ඉන්දීය සිනමාවේ, ඉහළම ආදායමක් ලබන නිළියන්ගෙන් අයෙකි, ඇය. ඇය දෙමළ, තෙලිඟු සහ හින්දි යන වෙනස් භාෂා තුනකින් යුත් චිත්‍රපට 50ක පමණ ඇය රඟපා ඇත.
සැටර්න් සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ වූ පළමු ඉන්දියානු නිළිය ඇයයි. නමුත් එම සම්මානය හිමිවූයේ Crimson Peakහි රඟපෑ ජෙසිකා චැස්ටේන් හට ය.
2010දී තමිල් නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිරිනමන කලෛමණි සම්මානය තමන්නාට හිමි විය.