බාහුබලි 2: ද කන්ක්ලූෂන්
From Wikipedia, the free encyclopedia
බාහුබලි 2 : ද කන්ක්ලූෂන් (සිංහල: බාහු බලය ඇත්තා) යනුවෙන් හැඳින්වෙන්නේ තිරගත වීමට නියමිත ඉන්දියානු වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ටොලිවුඩ් කලාගාරයක් වන අර්කා මීඩියා වර්ක්ස් විසිනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ එස්. එස්. රාජමෞලි විසිනි. මෙය බාහුබලි: ද බිගිනිං චිත්‍රපටයේ දෙවන කොටස ලෙස සැලකෙයි. මෙය මුලින් නිර්මාණය වූයේ තෙලිඟු සහ දෙමළ භාෂාවලිනි. පසුව එය හින්දි, මලයාලම්, ජර්මන්, ප්‍රංශ, ජපන් සහ ඉංග්‍රීසි භාෂාවලින් හඬකැවිණි.[6] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ටොලිවුඩ් ක්ෂේත්රයේ ප්‍රබල නළු නිළියන් වන ප්‍රභාස්, අනුෂ්කා ෂෙට්ටි, රානා දග්ගුබාති සහ සත්‍යරාජ් විසිනි. මූලිකව මෙම චිත්‍රපට ද්විත්වයම 2.5 බිලියන (US$39 මිලියන)ක අයවැයකින් යුක්තව හවුලේ නිෂ්පාදනය කෙරිණි.[7] කෙසේනමුත්, දෙවන කොටස සඳහා වෙන්කෙරුණු අයවැය පසුව වැඩිකෙරිණි. මුදාහැරීමට ප්‍රථම බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය ඉන්දියානු රුපියල් බිලියන 5ක (ඇ.ඩො. මිලියන 77) ව්යාපාරකරණයක් සිදු කිරීමට සමත්ව ඇත.[8]
බාහුබලි 2: ද කන්ක්ලූෂන් | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
තිර රචනය |
|
කතාවස්තුව | කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | කේ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ |
සංගීතය | එම්. එම්. කීරවානි |
Production company | අර්කා මීඩිකා වර්ක්ස් |
බෙදාහැරීම |
|
නිකුත්වූ දිනය |
|
තිර කාලය | |
රට | ඉන්දියාව |
භාෂා | තෙලිඟු දෙමළ |
පිරිවැය | කෝටි 250[4] |
ආදායම | ඇස්ත. කෝටි 1565[5] |
බාහුබලි 2: ද කන්ක්ලූෂන් බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී ප්‍රදර්ශනය වීම ඇරඹිණි.[9][10] 2017 අප්‍රේල් 28 දි සිට ලොව පුරා සිනමාහල් 9000කට අධික ප්‍රමාණයක එය මුදාහැරිණි.[11][1] 4K ඉහළ විසර්ජනයකින් යුත් ආකෘතියෙන් යුතුව මුදාහැරුණු පළමු තෙලිඟු චිත්‍රපටය ද බාහුබලි 2 චිත්‍රපටය විය. ආසන්න වශයෙන් තිර 200ක් පමණ මෙම චිත්‍රපටය මුදාහැරෙන දිනයට පෙර 4K ප්‍රක්ෂේපක සමගින් දියුණු කිරීමට හැකිවේ යැයි ඇස්තමේන්තුගත කොට තිබිණි.[12]
බාහුබලි 2 විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර ලද අතර, 2014 හින්දි චිත්‍රපටයක් වූ PK අභිබවා යමින් සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු චිත්‍රපටය බවට පත්වූයේ මුදාහැර දින හයක් ඇතුළත ලොව පුරා 800 කෝටි (US$120 මිලියන)ක ආදායමක් උපයා ගනිමිනි.[13] මුල් දින දහය තුළ මෙතෙක් සියලුම භාෂාවලින් කෝටි 1000ක (ඇ.ඩො. මිලියන 155ක) ආදායම අභිබවා ගිය පළමු ඉන්දියානු චිත්‍රපටය ද මෙයයි.[14][15][16]